27 April 2024
#දේශීය #පුවත්

‍පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම මරුට

කෝකිලායි, සෙම්මලේ නැගෙනහිර ප්‍රදේශයේ පසුගිය 20 දින නිවසක ක්‍රිඩා කරමින් සිටි පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම හේතුවෙන් මි ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම පිරිමි දරුවා ක්‍රිඩා කරමින් සිටියදී නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් මාංචෝලය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මිය ගිය දරුවා වයස අවුරුදු 11 ක් වන සෙම්මලේ නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය දරුවා පදිංචි නිවසේ ඇති කනේරු ගසට නැග එහි නයිලෝන් ලණුවක් ගැටගසා යම් ක්‍රියාවක නිරතව සිටයදී ගසෙන් බිමට ඇද වැටි ඇති ව පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *