• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට් සමාගමේ නවතම පර්යේෂණ, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

10 August 2023
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට් සමාගමේ නවතම පර්යේෂණ, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය අද (10) වීවෘත කිරීමට නියමිතයි. එය හෝමාගම ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

මෙරට ජනතාව පරිභෝජනය කරන බොහෝ එළවළු, පලතුරු, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය බහුතරයක් විෂ සහිත ආහාර බවත්,ලොව විෂ සහිත ආහාර අනුභව කරන රටවල් අතර අප රට තුන්වන ස්ථානයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2022 වාර්තාව පෙන්වා දී ඇතැයි සාර භූමි ලංකා (Sarabhumi lanka bio products) බයෝ ප්‍රඩක්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද අබේගුණසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 08 වනදා බත්තරමුල්ල පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වර්තමානයේ රසායනික පොහොර සඳහා වසරකට රුපියල් බිලියන (35) තිස්පහක් වැය කරන බවත්,ඒ වැය කරන සෑම සතයකින්ම සිදුවන්නේ මේ රටේ පරම්පරා පරම්පරා ගණනාවක් බරපතළ රෝගීන් බවට පත් කිරීම බව අබේගුණසේකර මහතා කියා සිටියේය.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පෙන්වා දුන්නේ,අපේ රට අද කෘෂිකාර්මිකව ගමන් කරන්නේ වැරදි පාරක බවයි. එසේම ගොවීන් අවස්ථාවාදීව අධික ලෙස රසායනික පොහොර,කෘෂි රසායන හා පළිබෝධ නාශක භාවිතා කිරීම නිසා අපේ රටේ මහපොළොව නිසරු තත්ත්වයට පත් වී ඇති බව හෙතෙම පැවසිය.

ගොවීන් මේ පුරුදු වී ඇති තත්ත්වය එකපාරටම වෙනස් කළ නොහැකි බවත්, ක්‍රමක්‍රමයෙන් ඔවුන් යථාර්ථය අවබෝධ කරගෙන පස සුවපත් කිරීම තුළින් මේ රටේ කෘෂිකාර්මික ආර්ථිකය 70% කින් ගොඩ ගත හැකි බව අබේගුණසේකර මහතා පෙන්වා දුන්නේය.

එම නිසා තමන්ගේ වගාවේ යම්කිසි පලිබෝධ හෝ වෙනත් විනාශකාරී යම් සත්ත්වයන් හෝ තත්ත්වයක් ඇති වුණ හොත් එහි සාම්පල මෙම පර්යේෂණාගාරයට රැගෙන එනමෙන් ද, ඒ පිළිබඳ පරීක්ෂාකර බලා ඊට අවශ්‍ය හෝ ගැලපෙන බැක්ටීරියා හෝ දිලීර එම ගොවිබිම්වලට ලබා දිය හැකි බව මෙම පර්යේෂණාගාරය රටේ “කෘෂිකර්මයේ මහගෙදර” ලෙස සලකා ගොවිතැනේ ඕනෑම අර්බුදකාරී අවස්ථාවක මෙම පර්යේෂණ ආයතනයට පැමිණෙන මෙන් අබේගුණසේකර මහතා මහතා මෙරට සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහි දී අදහස් දැක්වූ ක්ෂුද්‍රජීවී විද්‍යාඥ සඳුන් චතුරංග මහතා කියා සිටියේ,රසායනික පොහොර දැමිය යුතු ප්‍රමාණයට වඩා අධිමාත්‍රාවෙන් ගොවීන් තමන් ගොවිබිම් වලට රසායනික පොහොර හා කෘෂි යෙදවුම් පාවිච්චි කිරීම නිසා අපේ රටේ මහපොළොව මියගොස් ඇති බවයි.

අපේ ශරීරයට probiotic ආහාර අවශ්‍ය වනවා වගේම,මහ පොළොවට ද probiotic සංඝටක එක් කිරීම අත්‍යවශ්‍ය ය.එසේම කාබනික කෘෂිකර්ම නිෂ්පාදනවලට අද ලෝකයේ අති විශාල ඉල්ලුමක් සහ ඉහළම මිලක් ඇති නිසා අස්වැන්න අඩු වුණත් කාබනික ගොවිතැනින් ගොවීන්ට ලැබෙන ආදායම කිසිසේත්ම අඩු නොවන බව සඳුන් මහතා පැහැදිලි කළේය.

ආචාර්ය ලංකා උදුගොඩ මහත්මිය මෙහි දී පැහැදිලිවම පෙන්වා දුන්නේ,මේ රටේ අධික ලෙස රසායනික පොහොර හා කෘෂි යෙදවුම් භාවිතාව නිසා අපේ මහපොළොවේ ක්ෂුද්‍ර ජීවීන් මියගොස් ඇති බවය.එම නිසා පස සුවපත් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් පසට යළි එකතු කිරීම අත්‍යවශ්‍යය සාධකයක් වී ඇති බව ය.පස නිරෝගිමත් කිරීම සඳහා ඇති එකම විසඳුම ජෛව පොහොර යෙදීමයි.ක්ෂුද්‍ර ජීවීන් තුළින් පස නිරෝගී වනවා මෙන්ම විවිධ හානිකර රෝග වලින් ශාක පද්ධතිය ආරක්ෂා කිරීම ද සිදු කරන බව ආචාර්ය ලංකා උඳුගොඩ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නීය.

ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, මෙරට පළමු වතාවට බිහිවුණ සමුපකාර සංවර්ධන බැංකුව වන TEMCO බැංකු සමිතිය මේ රටේ නව නවෝත්පාදනකරුවන් සහ ආයෝජකයන් සම්බන්ධ කරමින් මේ රටට වැඩදායි, ඵලදායි රටේ ආර්ථිකය ගොඩනැඟිය හැකි නව ව්‍යාපෘතිවල කළමනාකරණ හා මැදිහත් පාර්ශවකරුවෙකු ලෙස මෙම ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරන බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චමින්ද අබේගුණසේකර මහතා කියා සිටියේ,සාර භූමි ලංකා බයෝ ප්‍රඩකට් සමාගමට 2018 සිට Control union for export to EU and US ආයතනයේ සහතිකය ද ලැබී ඇති බව ය.

මෙම ජෛව විද්‍යාගාරය මෙරට ගොවීන්ට පමණක් නොව කෘෂි ක්ෂේත්‍රයේ සියලු පර්යේෂණ කරන විශ්වවිද්‍යාල හා වෙනත් පෞද්ගලික අංශයේ ආයතන වලට ද විවෘත බවත්,එය සාර භූමි ලංකා සමාගම,සෝලා කොමාර්ෂල් සමාගම සහ සීමාසහිත තාක්ෂණ ව්‍යවසායකත්ව සහ කළමණාකරන සමුපකාර බැංකු සමිතිය (TEMCO) අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ද අබේගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

එම අවස්ථාවට සාර භූමි ලංකා බයෝ ප්‍රඩකට් ආයතනය සභාපති රිචර්ඩ් බගාර් මහතා ද එක් විය.

Post Views: 7
Previous Post

තාරුණ්‍යයේ ජයග්‍රහණ අගයන New Generation Awards 2023 හි අයදුම්පත් කැඳවයි

Next Post

නව සන්ධානය ආරම්භය එළැඹෙන සැප්තැම්බර්යේදී – සුගීෂ්වර බණ්ඩාර

editor

editor

Next Post

නව සන්ධානය ආරම්භය එළැඹෙන සැප්තැම්බර්යේදී - සුගීෂ්වර බණ්ඩාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved