• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිස්ටම් එක චේන්ජ් කරන අයවැයක්.. සිල්ලර, සුරංගනා කතා නෑ – ඇමැති ප්‍රසන්න

14 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අසීරු කාලයකදී ජනතාවට සහන දෙමින් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (14) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙය සිස්ටම් එක චේන්ජ් කරන අයවැයක් මිස සරළ, සිල්ලර, සුරංගනා කතා ඇතුළත් අයවැයක් නොවන බවයි.

අයවැය විවේඡනය කරමින් විපක්ෂය සම්ප්‍රදායික දේශපාලනයක නිරත වුවද ජනතාව රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුධය හඳුනාගෙන කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවා.

එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියේය ” අපි මේ මොහොතේත් ඉතාම අසීරු තත්ත්වයකට මුහණදී ඉන්නේ. පෝලිම් යුගයක ඍණ ආර්ථිකයක් තිබුණු රටක ධණ ආර්ථිකයක් ගොඩනඟන්න යන ගමනක් මේක. ඒ නිසා මේ වර්ෂයේත් අභියෝගාත්මක අයවැයක් කරන්න රජයට සිද්ධ වුණා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන මේ බංකොලොත් කියන තැනින් මිදෙන්න ඕන. මෙවර අයවැය සකස් කළේ ඒ ආකල්පය මත සිටිමිනුයි. මෙවර අය වැයෙන් රජයේ සේවකයන් සඳහා රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක්, ආබාධිත සහ වකුගඩු ආබාධ සහිත තැනැත්තන්ගේ දීමනාව රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා ඉහළ දැමීම. වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප ඉහළ දැමීම, රාජ්‍ය සේවකයන්ට ආපදා ණය පහසුකම යළිත් ලබාදීම, රටට අලුත් විශ්ව විද්‍යාල හතරක් ලබාදීම, ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම, නව තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලබාදීම, දැනට නතර කර තිබෙන ව්‍යාපෘති ආරම්භ කරන්න රුපියල් කෝටි පන්දහස් පන්සියයක් වෙන්කිරීම වැනි බොහෝ සාධනීය යෝජනා තිබෙනවා. මේ අයවැයෙන් “සුපර් ස්ටාර්” වෙලා තියෙන්නේ මගේ අමාත්‍යංශයයි. මොකද විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකළ නිවාසවල රුපියල් තුන්දහසේ කුලී පදනම මත සිටි අඩු ආදායම්ලාභී පවුල්වල කුලිය කපාහැරලා. ‍ඒ අනුව පවුල් පනස් දහසකට නිවාස අයිතිය ලැබෙනවා. මේ අයවැය වාර්තාවේ ඇතුළත් වෙලා තිබුණු හොඳම යෝජනාවලින් එකක් තමයි ඒක. මේ යෝජනාවෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට ලැබෙන සහනය ගැන කියන්න වචන නැහැ. ඒ වගේ යෝජනාවක් අපි ඇතුළත් කළේ අඩු ආදායම්ලාභී පවුල් ශක්තිමත් කරන්නයි. ඒ නිසා මේ අයවැය යෝජනාව බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශයක් විදිහට අපි කැපවී කටයුතු කරනවා. හොද්දක් රසවත් වෙන්න කිරි, ලුණු නියමිත පදමට දාල හොඳට හැඳි ගාන්න ඕන. මේ අයවැයත් ඒ වගේ. ජනාධිපතිතුමා සෑම කේෂ්ත්‍රයකටම සවන්දීලා, ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ඉතාම හොඳට අධ්‍යනය කරල හදපු අයවැයක් මේක. ඒ නිසා නුසුදුසු කිසිම යෝජනාවක් මේ අයවැය යෝජනාවලියේ නෑ. මේ යෝජනා ක්‍රියාත්මක කළොත් ඉතාම කෙටි කලකින් සංවර්ධිත රටක් නිර්මාණය කරන්න පුළුවන්. විපක්ෂය හැමදාම කළේ සම්ප්‍රධායික දේශපාලනයක්. මේ විපක්ෂය සතුටු වෙන්නේ ජනතාවගේ දුක, ලේ, දහඩිය, කඳුළු දැකලයි. ඒක තමයි අයවැය ඉදිරිපත් කරන මොහොතේත් ජනතා විමුක්ති පෙරමුණ මහ පාරේ උද්ඝෝෂණය කළේ. නමුත් මේ අයවැය යෝජනා නිසා විපක්ෂයේ සඨන් පාඨ බෝඩ් ලෑල්ලකට සීමාවෙලා. අද විපක්ෂයට යන එනමං නැති වෙලා. සාමාන්‍යයෙන් අපේ රටේ අය වැය යෝජනාවලින් ක්‍රියාත්මක වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි. නමුත් මේ අයවැයත් තවත් එක දේශනයකට පමණක් සීමා වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අයවැයෙන් අපි දේශපාලනය කරන්නේ නැහැ. නමුත් විපක්ෂය මේ අසීරු මොහොතේදීත් අයවැය යෝජනා අල්ලගෙන දේශපාලනයක් කිරීම ලැජ්ජා සහගතයි. මැතිවරණයකදී ජනතාව විපක්ෂයට නිසි පිලිතුරු දේවි යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 1
Previous Post

ස්ට්‍රොබෙරි වගා ව්‍යාපෘතියක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලැබේ

Next Post

රනිල් දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක් – මන්ත්‍රී වජිර

editor

editor

Next Post

රනිල් දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක් - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved