පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ.
අදාළ සාකච්ඡාව සඳුදා (04) පෙරවරු 10.00ට කොළඹ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබෙන බව වාර්තා වේ.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුව කැඳවීම ද හැකියාවක් නොමැති බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී යම් තෝරා ගත් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේදී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යොදා ගන්නා බවයි.
දිලිනි සමන්මලි












