27 April 2024
#දේශීය

නිකවැරටියටම ඇඳිරිනීතිය

නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ම ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වෙයි.

මීට හේතුවී ඇත්තේ ඊයේ (29) කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ  කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමය.

එම කාන්තාවගේ සැමියා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර ඇති අතර  ඔහුගෙන් මෙම කාන්තාවට  රෝගය  බෝවී ඇති බව වාර්තා වෙයි.

එම නාවික සෙබලා පසුගිය සමයේ නිවාඩුවට පැමිණ මේ  කාන්තාව සමඟ ප්‍රදේශයේ බොහෝ නිවාස වලට මෙන්ම  පොදු ස්ථාන රැසක සංචාරය කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතිය ක ජලය බෙදා හැරීමේ කටයුතු වලද මෙම කාන්තාව නිරතව ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ම ඇඳිරි නීතිය  පනවා ඇති අතර මොවුන් සමග සබඳතා පැවැත්වූ පිරිස් නිරෝධායනයට යොමුකරමින් සිටින බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *