• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන වසරේ අලිඇතුන් සංගණනයක් සිදු කරනවා – ඇමැති මහින්ද අමරවීර

17 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා පවසයි.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය සඳහා 15 වනදා පැවති වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවත් එහි එක් පියවරක් ලෙස අලි ඇතුන් පිළිබඳ පූර්ණ සංගණනයක් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ දිනෙන් දින බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම පිළිබදව මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදීය. මේ අනුව අනුරාධපුර,පොළොන්නරුව, රත්නපුර, අම්පාර යන දිස්ත්‍රික්ක ඇතුළු විවිධ ප්‍රදේශවල ගම්මානවලට වල්අලි පැමිණීමෙන් සිදුවන බලපෑම් පිළිබඳව මන්ත්‍රීවරු රැසක් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

අලි ඇතුන්ගේ වාසස්ථාන අඩුවීම, අලි ගහනය සැලකිය යුතු ලෙස වැඩි වීම ඇතුළු හේතු ගණනාවක් අලි මිනිස් ගැටුමට හේතු වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අලිඇතුන් ගමන් කරන ප්‍රධාන අලිමංකඩ 16 ක් මේවන විට අවහිර වී ඇති බවත් මේ හේතුවෙන් ගම්වලට අලි ඇතුන්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. මේ අනුව මෙම අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එසේම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සදහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කර ඇති බවද එම කමිටු තීරණ අනුව දීර්ඝ කාලීන විසඳුම් සහිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද වනජීවී හා වන සම්පත් සුරැකීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඒ ඒ දිස්ත්‍රික්කවල වෙනම රැස්වීම් මාලාවක් සංවිධානය කොට මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ප්‍රමාදයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවට ද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

අලි ඇතුන්ට අමතරව රිලවුන්, වඳුරන්, මොනරුන් යනාදී සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පිළිබඳව ද මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානය යොමු කළහ. මෙම හානි අවම කිරීම සඳහා ද කඩිනමින් දැඩි තීන්දු තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මායිම් ලකුණු කිරීමේදී ගොවීන්ට මුහුණ දීමට සිදුවන පීඩාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. වගාවන් සිදු කරන ජනතාව පීඩාවට පත් නොවන ලෙස මීට විසඳුම් ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, ශාන්ත බණ්ඩාර, තේනුක විදානගමගේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ඩයනා ගමගේ, රෝහණ දිසානායක, චාමර සම්පත් දසනායක, විජිත බේරුගොඩ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, කපිල අතුකෝරල, කුමාරසිරි රත්නායක, මහත්ම මහත්මීහූ ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක් ද රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාව‍ට සහභාගී වී සිටියහ.

 

Post Views: 5
Previous Post

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල කිසිදු ආකාරයකින් ඉහළ යන්නේ නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

කාසල් වීදිය කාන්තා රෝහල සදහා වටිනා ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

editor

editor

Next Post

කාසල් වීදිය කාන්තා රෝහල සදහා වටිනා ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved