27 April 2024
#දේශීය

කාසල් වීදිය කාන්තා රෝහල සදහා වටිනා ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති, පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන් විසින් දැඩි සත්කාර ඒකක, සූතිකාගාර සදහා සහ රෝගීන් එහා මෙහා ගෙනයාම සදහා භාවිතා කරනු ලබන ඇඳන් 10 ක් හා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කාසල් වීදිය කාන්තා රෝහල වෙත බාරදීම ඊයේ (16) සිදු කෙරිණි.

සුභූති හිමියන් විසින් “ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෝස්පිටල් සපෝට් ෆෞන්ඩේෂන්” ආයතනයෙන් කරනු ලැබූ ඉල්ලිමකට අනුව ඔවුන් විසින් මෙරටට මෙම පරිත්‍යාගය ලබාදී ඇත.

මෙය සදහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 10 කට අධිකය.

මෙම අවස්ථාවට කාසල්වීදිය කාන්තා රෝහලේ පරිපාලන නිලධාරී තුෂාර බණ්ඩාර, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වී.ඩී.පී රත්නසිරි, රෝහල් සේවා මණ්ඩලයේ හිටපු සභාපති නිමල් වෙරළුපිටිය, වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය වින්ද්‍යා මනෝහාරි, සිල්වියා ලංකා පදනම නියෝජනය කරමින් නිමල් ද සිල්වා යන මහත්ම මහත්මීන් පිරිසක් එක්වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *