• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරවණය සම්බන්ධයෙන් ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

3 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය 2023 නොවැම්බර් 02 දිනැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර තිබේ.

පවත්නා මැතිවරණ නීති පිළිබඳව පරීක්ෂා කර බලා මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳව තොරතුරු ලබා ගැනීම, විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම මෙම කොමිෂන් සභාවට පැවරේ.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතෙහි 2 වන සහ 3 වන වගන්ති වල විධිවිධාන ප්‍රකාරව මෙම කොමිෂන් සභාව පත් කර ඇති අතර විශ්‍රාමික අගවිනිසුරු ජනාධිපති නීතිඥ වැවගේ ප්‍රියසත් ජෙරාර්ඩ් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිෂමේ සෙසු කොමසාරිස්වරුන් ලෙස සුන්දරම් අරුමෛනායගම් සේනානායක අලිසැන්ඩ්‍රලාගේ, ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර,රජිත නවීන් ක්‍රිස්ටෝපර් සේනාරත්න, අහමඩ් ලෙබ්බෙ මොහොමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, එස්තර් ශ්‍රියාණි නිමල්කා ප්‍රනාන්දු, විතාරණගේ දීපානි සමන්ත රොඩ්රිගෝ යන අය පත් කර ඇත.

එසේම කාන්තා හා තරුණ නියෝජනය වැඩිකිරීම, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට එකී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරනු ලබන දින දක්වා වන කාලය අඩුකිරීම, ඡන්දය භාවිතා කිරීමේදී මුද්‍රිත ඡන්ද පත්‍රිකාවක් භාවිතා කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට ද කොමිෂමට උපදෙස් දී ඇත.
එසේම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, යෝජිත ව්‍යවස්ථාව ද ඇතුළත්ව පහත කරුණු පිළිබඳව නිර්දේශයන් ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරේ.

තවද ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා සහ දේශපාලන පක්ෂ අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තහවුරු කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයද ඇතුලත්ව ගෝලීය වශයෙන් පිළිගත් සංවිධාන ගණනාවක් විසින් දේශපාලන පක්ෂවල විනිවිදභාවය සහ වගවීම සඳහා නිර්ණායක ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇත.

මැතිවරණද ඇතුළත්ව මැතිවරණ ව්‍යාපාරයන්හි මූල්‍ය පිරිවැය සීඝ්‍රයෙන් ඉහළ යාම, දේශපාලනය තුළ මුදලෙහි භූමිකාව සහ ප්‍රතිපත්ති ග්‍රහණයට ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් අවධානයකට ලක් කර තිබෙන අතර අපරාධ වලට සම්බන්ධ වූවන් දේශපාලන පක්ෂවලට ඇතුළු වීම, ස්ථාවර දේශපාලන පක්ෂ වෙනුවට දේශපාලන අස්ථාවරභාවයට තුඩු දෙන පරිදි කෙටි කාලීන දේශපාලනික පෙරමුණු ආදේශ වෙමින් පැවතීම ද කෙරෙහිද විශේෂ අවධානය යොමු කර තිබේ.

කොමිෂන් සභා වර්තාව මාස 06ක් තුළ ලබාදීමට නියමිතය.

 

Post Views: 10
Previous Post

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක්

Next Post

රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි – ඔවුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි – ජේ.සී අලවතුවල

editor

editor

Next Post

රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි - ඔවුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි - ජේ.සී අලවතුවල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved