• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි – ඔවුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි – ජේ.සී අලවතුවල

3 November 2023
in දේශීය

රාජ්‍ය සේවක වැටුප් වැඩිකළ යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බවත් ඔවුන්ට දැනට ලැබෙන වැටුපෙන් දින 15 ක්වත් ජීවත් වීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (03) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජේ.සී අලවතුවල මහතා ‘රටේ ජනතාව අද ජීවිතය ගැට ගහගෙන යන්නේ බොහොම අමාරුවෙන්. අද වනවිට දෙමාපියන්ට පාසල් යන තමන්ගේ දරුවට උදේ කෑම එක ලබාදීමේ ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. අද එතැනට රට වැටිලා තිබෙනවා. 2019 දී 6000 ක 7000 ක විතර වියදමකින් ජීවත් වුණ කෙනෙකුට 2023 වනවිට ජීවත් වෙන්න රුපියල් 16,000 ට වඩා වැඩි මුදලක් යනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට එනකොට තිබුණ ජීවන වියදම වගේ තුන් ගුණයට ආසන්න ප්‍රමාණයකින් අද ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා. ජීවන වියදම වැඩි වුණාට අද ජනතාවගේ ආදායම වැඩි වෙලා නෑ. ජනතාවගේ ආදායම අඩුවෙලා තිබෙන්නේ. රටේ ජීවත් වන බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග නැතිවෙලා තිබෙනවා. රටේ මේ වනවිට සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගණනාවක් වැහිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇගළුම් ක්ශ්‍රේත්‍රය , ඉන්ජිනේරු ක්ශ්‍රේත්‍රයේ සියලු දෙනාගේ රැකියා අද අහිමි වෙලා තිබෙනවා. ආණ්ඩුව 2023 වසර තුළ සියයට 400 කින් විදුලි බිල ඉහළ දැම්මා. පසුගිය සතියේ නැවත විදුලිබිල ඉහළ දැම්මා. රටේ ජනතාවට එළියට බැහැලා වැඩි වුණා විදුලි බිල ගෙවන්න තිබෙන අපහසුතාවය ගැන හඬ නගනවා. නමුත් ආණ්ඩුව ජනතාවගේ හඬට සවන් දෙන්නේ නෑ ආණ්ඩුව නිහඬයි. ආණ්ඩුව අයවැය ගේන්න කලින් බදු වැඩි කරගෙන යනවා. සීනි වලට රුපියල් 50 ක බද්දක් ගහනවා. සීනි වලට රුපියල් 50 ක බද්දක් ගැහුවා කියන්නේ සීනිවල මිල අනිවාර්යෙන් ඉහළ යනවා. පාලන මිලක් ගේනවා කියලා ආණ්ඩුව කියනවා. පාලන මිලක් ගෙනාවට තියෙන මිලට වඩා රුපියල් 50 කින් කොහොමත් සීනි වැඩි වෙනවා. ජනතාවට ජීවත් වීමට නොහැකි මොහොතක වක්‍ර බදු වැඩි කිරීමෙන් ජනතාව තවත් අපහසුතාවයට පත් වෙනවා. රටේ ජනතාව ජීවත් කරන්න පුලුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. පසුගිය දවස්වල රටේ ජනතාව වැඩිපුර හිටියේ බැංකුවල උකස් අංශයේ දැන් උකස් අංශ හිස් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට උකස් කරන්න දැන් රත්තරං භාණ්ඩත් නෑ. වහාම ආණ්ඩුව ජනතාව ජීවත් කරවන වැඩිපිළිවෙලකට සූදානම් විය යුතුයි. අයවැයෙන් වක්‍ර බදු වැඩි කරලා ජනතාව අපහසුතාවයට පත් කළොත් විශාල විනාශයක් ආරම්භ වෙන්න පුලුවන් යැයි මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

මැතිවරවණය සම්බන්ධයෙන් ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

Next Post

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවති… ඒ තුල විකල්ප නෑ – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්

editor

editor

Next Post

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවති... ඒ තුල විකල්ප නෑ - සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved