• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්

31 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට සහාය වීමට කටයුතු කරන බව ද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් බලප්‍රදේශය සහ ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාරගැනීමේ අවස්ථාවට ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

වසර 23 කට පෙර අභාවප්‍රාප්ත වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා සිහිපත් කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙනු ලැබීය.

වතුකරයේ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන අතරම වතුකරයේ පාසල්වල සංවර්ධනය සහතික කිරීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

කඳුකරයේ ජීවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට ඉඩම් ලබාදීමට සහ ඒවායේ නිවාස ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට රජයේ සහාය ලබා දෙනුයේ අනෙකුත් ජන කණ්ඩායම්වලට මෙන්ම ඔවුන්ටද තමන්ගේම නිවසක ජීවත්වීමට අවස්ථාව ලැබිය යුතු නිසා බව ජනාධිපතිවරයා පැවසිය.

අධ්‍යාපන කටයුතු අවසන්විමෙන් පසු තරුණ තරුණියන් වතුකරය හැර යාමේ ප්‍රවණතාවයක් මතුව ඇති අතර ඉන් අවධානමට ලක්ව ඇති වතු ආර්ථිකය නැවත ගොඩගැනීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ තරුණ තරුණියන්ට මෙන්ම රටේ සියලු තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදීමට රජය කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

වතුකරයේ ජීවත්වන ජනතාවගේ අනාගතය සහ වතු ආර්ථිකය නඟාසිටුවීම පිළිබඳ රජය තවදුරටත් සොයා බැලිය යුතු වන්නේ වතු ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් ආර්ථික වශයෙන් නඟා සිටුවීමට බව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අනුව කඳුකරයේ ජිවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට රටේ අනෙකුත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට හිමි වරප්‍රසාද ලබාදීමට රජය තවදුරටත් පියවර ගන්නා බව සඳහන් කළ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස කඳුකරයේ දෙමළ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

අභාවප්‍රාප්ත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා කදුකරයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රීමා-ශාස්ත්‍රී ගිවිසුමෙන් පසු නැවතී සිටි ඉන්දීය සම්භවයක් ඇති සියලුම ජනතාවට අවිහිංසාව තුළින් පුරවැසිභාවය ලබා දුන් නිසා එතුමා 20 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නායකයකු බවට පත්ව ඇති බව ප්‍රකාශ කළේය. ශ්‍රීමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ රටින් යා යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට තීරණය කළ පුද්ගලයන්ටත් පුරවැසිභාවය ලැබුණු බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

දීපාවලිය ඉන්දීය – ශ්‍රී ලංකා සමානතා පිළිඹිබු කෙරෙන සැමරුමක් – ජනපති

Next Post

ජනාධිපතිකම් අගමැතිකම් වෙනුවෙන් ජනතාව පාවා දුන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

ජනාධිපතිකම් අගමැතිකම් වෙනුවෙන් ජනතාව පාවා දුන්නේ නැහැ - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved