27 April 2024
#දේශීය

ජනාධිපතිකම් අගමැතිකම් වෙනුවෙන් ජනතාව පාවා දුන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

තමන් එදා ජනාධිපතිධුරය හෝ අගමැතිධුරය භාර ගත්තානම් පොහොට්ටුවේ රැකවලෙකු වන්නට සිදු වන බවත්,ජාතිවාදී ආගම්වාදී කල්ලියකට නතු වන්නට සිදු වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ නුවරඑළිය හැටන් දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමිනි.

පසුගිය දිනවල දින ඇතිවූ ගංවතුර හේතුවෙන් ජීවිත හානි සිදු වූ පවුල් 6 කට මුදල් ආධාර පිරිනැමීමද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිය.

ජාතිවාදියෙකු ඉදිරියට ගොස් දිවුරුම් දෙන්නට සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තමන් කිසි විටෙකත් එවැන්නකට සූදානම් නොවූ බවද පැවසීය. ඒ සියල්ලට වඩා තමන්ගේ ආත්ම ගෞරවය තමන්ට වටින බව හෙතෙම පැවසිය.

අළු මතින් නැගිටින්නට හදන අයට එන මැතිවරණයේදී ජනතාව නිසි පාඩම උගන්වනු ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා,දස ලක්ෂ ගණනින් මේ රටේ ජනතාව සමගි ජන බලවේග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සැදී පැහැදී සිටින බව ද පැවසීය.

පසුගිය වකවානුවේ ගනු ලැබූ අන්තනෝමතික තීන්දු තීරණ හේතුකොටගෙන මුළු රටම බංකොලොත් වූ බවත් විශේෂයෙන්ම වතුකරයේ ජනතාවගේ ජීවිත සහමුලින්ම කඩා වැටුණු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කඳුරට ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව විශාල අවබෝධයකින් සිටි බව පැවසූ විපක්ෂ නායකතුමා,එතුමා ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම වෙනුවෙන් ඇප කැප වූ බවද පැවසීය.

කඳුරට වතුකරයේ ජීවත්වන ජනතාව හැමදාම කම්කරුවන් ලෙස තබා ගන්නට ඇතැමුන් කැමති බව පැවසූ හෙතෙම සමගි ජන බලවේගය රජයක් යටතේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවත් ඔවුන්ට ඉතා යහපත් ජීවන තත්ත්වයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැප වන බවත් පැවසීය.වහල් සංස්කෘතිය අවසන් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එදත් අදත් තමන් වතු වතුකරයේ ජීවත්වන ජනතාව කුඩා තේ වතුහිමියන් බවට පත් පත් කළ යුතු යැයි පැවසුවේ පදනමක් ඇතිව බවද පැවසීය.

 

දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ පා.ම. පලනි දිගම්බරම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කොට තිබූ අතර එම සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් හි මන්ත්‍රීවරුන් පිරිසක් ද ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *