විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව සම්බන්ධයෙන් විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට ඊයේ (27) දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය විය.
මෙහිදී විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට තීරණය කෙරිණ.
මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් බැහැරව සේවයට වාර්තා කරන ලෙසටයි.
තවද, සේවයට වාර්තා කිරීමෙන් පසු වැටුප් හා අතිකාල දීමනා ගෙවීම පිළිබඳව ගැටලුවක් පැන නොනඟින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.