27 April 2024
#දේශීය

අංගසම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි – මහාචාර්ය ජී එල් පීරිස්

විසිවන සංශෝධනය අනුව රටට අංගසම්පූර්ණ අලුත් ව්‍යස්ථාවක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කරුණු ගැඹුරින් අධ්‍යයනය කර නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවයි.

විශේෂයෙන්ම මේ වන විටත් පාසල්වල පවත්නා විෂමතා, විෂය මාලා නවීකරණය, පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය සොයාබැලීමට, අඩු පාඩු හදුනාගැනීමට දිනවකවානු සැලසුම් කර තිබෙනවා යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් ම මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය ආයතන පහක් සම්බන්ධීකරණය කරලා එක් අමාත්‍යාංශයක් යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ද හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *