• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් – ජනපති

3 April 2024
in දේශීය, පුවත්
කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය පිහිටුවීමේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී අද (03) පෙරවරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මෙරට කෘෂිකර්ම අංශය නවීකරණ කිරීම වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති රාමුව, ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමුටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙම ප්‍රතිපත්ති රාමුව ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, තිරසාර බව සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම, අන්තර්ගත වර්ධනය සහ ග්‍රාමීය සංවර්ධනය පෝෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම, වෙළඳපොළ ප්‍රවේශය සහ වෙළඳාම වැඩි දියුණු කිරීම, ආයතනික ධාරිතාව සහ පාලනය ශක්තිමත් කිරීම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම යන කරුණු මූලික කර ගනිමින් කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සම්පාදනය කර තිබේ.

මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26කින් ව්‍යාපෘති 26ක් තෝරාගෙන ඇති අතර එම නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා දැනටමත් මුදල් නිදහස් කර ඇති බව ද මෙහිදී සඳහන් කෙරිණි.

යැපුම් කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව මහා පරිමාණ සහ කුඩා පරිමාණ මෙහෙයුම් ඇතුළත් වඩා නවීන කෘෂිකර්මාන්තයක් කරා මෙරට ගොවි ජනතාව යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂි අපනයන ක්ෂේත්‍රය තවමත් ජාතික ආර්ථිකය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව මෙන්ම මෙරට ආර්ථික පරිවර්තන ක්‍රියාවලියේ දී කෘෂිකර්මාන්තයේ කඩිනම් පරිවර්තනයක අවශ්‍යතාවයත් පැහැදිළි කළේය.

වී වගාව සහ අනෙකුත් කෘෂිකාර්මික භෝග මෙන්ම කිරි නිෂ්පාදනය සහ සත්ව පාලනය ඇතුළු කෘෂිකර්මයේ විවිධ අංශ නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවිය.

වගා කටයුතු සඳහා අලුතින් ඉඩම් අක්කර 500,000ක් නිදහස් කිරීම මෙන්ම නවීන කෘෂි තාක්ෂණික ක්‍රම සඳහා මෙරට ගොවි ජනතාව යොමු කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම කෘෂි පර්වර්තන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය මෙන්ම විදේශ ආයෝජනවල සහය ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින් සමඟ සාකච්ඡා කළ අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකිරීම සහ සහයෝගීතාවකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය ආයතන තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද අවධානයට යොමු කළේය.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මෙන්ම අපනයන අවස්ථා සොයා බැලීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ අවශ්‍ය නොවන රාජ්‍ය ආයතන අහෝසි කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධව සාකච්ඡා විය.

විශේෂයෙන්ම දේශගුණික විපර්යාස තත්ත්වයන් තුළ ජලය කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් දියුණු ක්‍රමෝපායන් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

එමෙන්ම, මෙරට ගොවි ජනතාවගේ ඉඩම් හිමිකම පිළිබඳ පවතින ගැටළුකාරී තත්ත්වයන් කඩිනමින් විසඳීම, කෘෂිකර්ම නවීකරණය සඳහා අවශ්‍ය නවීන යාන්ත්‍රෝපකරණ වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාවන් සලසා දීම මෙන්ම සුහුරු කෘෂිකාර්මික මුලපිරීම් හරහා කෘෂිකර්මාන්තයේ නිරත වීමට කැමැත්තෙන් පසුවන තරුණ පරපුර ඒ සඳහා දිරිගැන්වීම වැනි අභියෝගවලට විසඳුම් සෙවීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ වැඩි අවධානයක් යොමු විය.

මෙම සමස්ත සැලසුමට අදාළ යෝජනාවලිය සති දෙකක් තුළ සකස්කර ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කර කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බවද පැවසීය.

එමෙන්ම මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා, ඊට පෙර මීට අදාළ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු මඟින්ද සමාලෝචනයක් සිදුකිරීම සඳහා අවස්ථාව සලසා දෙන බව ද සඳහන් කළේය. මෙම වැඩසටහනෙහි සමස්ත ඉලක්කය වන්නේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ කෘෂිකර්මාන්තය පුළුල් ලෙස මෙරට ආර්ථිකයට ඒකාබද්ධ කිරීම තුළින් ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සහ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම බවද අවධාරණය කෙරිණි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරිහු සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන පෞද්ගලික අංශයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 23
Previous Post

ත්‍රිවිධ හමුදාවේ සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් – ආරක්‍ෂක අමාත්‍යාංශය

Next Post

වත්මන් වැඩපිළිවෙල වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වනවා- ඇමැති බන්දුල

editor ttvnews

editor ttvnews

Next Post
වත්මන් වැඩපිළිවෙල වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වනවා- ඇමැති බන්දුල

වත්මන් වැඩපිළිවෙල වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වනවා- ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved