29 April 2024
#දේශීය #පුවත්

ත්‍රිවිධ හමුදාවේ සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් – ආරක්‍ෂක අමාත්‍යාංශය

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය කියා සිටින්නේ 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

ඒ් අනුව, මෙම පොදු සමා කාලය තුළ රපෝර්තු කරන අයවළුන් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුකරන අතර, යම් අයකුගෙන් අයවිය යුතු මුදලක් ඇත්නම් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා එම මුදල් ඔහු විසින් ගෙවීමට කටයුතු කළ යුතුය අතර මෙම පොදු සමා කාලය 2024.04.02 දිනට පෙර සිට නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවළුන් සඳහා පමණක් අදාල වේ.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙතද නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව මෙම පොදු සමා කාලය තුලදී පහත කොන්දේසීන්ට යටත්ව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අනුමැතිය ලබාදෙනු ලැබෙන අතර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නිම නොවූ විනය කටයුතු නොපැවතිය යුතුය.

නීති විරෝධී ක්‍රම මගින් විදේශගත වූ හෝ වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛණ සකස් කර විදේශගත වී නොමැති අයවළුන් විය යුතු වන අතර ශ්‍රී ලංකා රජයේ අරමුදල් භාවිතා කරමින් හෝ විදේශ ප්‍රදායක ආයතන වෙතින් ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙන ලද අවස්ථාවන් මගින් විදේශ අධ්‍යයන කටයුත්තක්, රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් හෝ වෙනත් කිසියම් කාර්යයක් සඳහා විදේශ ගත වී නැවත මෙරටට වාර්ථා නොකරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් මෙම පොදු සමා කාලය අදාළ නොවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *