ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් වලල්ලාවිට යෞවනයන්ගෙන් රුධිර පරිත්‍යාග කිරීම පසුගිය 30 වනදා වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
කළුතර දිස්ත්‍රික්කයේ, වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශිය මණ්ඩලය සහ වල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමඟින් එක්ව ජාතිත තරුණසේවා සභාවේ “Blood For Hope” වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරිණි.
වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශිය මණ්ඩලය විසින් දෙවන වරට සංවිධානය කෙරූ මෙම වැඩසටහන මහා සංගරත්නයේ අශිර්වාදයෙන් සහ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් ජානක පෙරේරා , සහාකාර ප්‍රාදේශිය ලේකම් චතුරිකා ජයවික්‍රම, වලල්ලාවිට ප්‍රාදේශිය සභා සභාපති උදේනි අතුකෝරාල, දිස්ත්‍රික් තරුණසේවා නිලධාරී සමන් මංගලනාත් සහ වලල්ලාවිට තරුණසේවා නිලධාරී අරුණ ජයතිලක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.