27 April 2024
#සංවර්ධන

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සංචාරක ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩසටහනක්

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සංචාරක ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩසටහනක් සැකසෙයි දෙරටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණයි.

මේ සම්බන්ධයෙන් පසුගිය 29 වනදා ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන්ග් (Woonjin Jeong) මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍ය කාර්යාලයේ දියි.

කොරියානු තානාපතිවරයා මෙහි දි කියා සිටියේ දකුණු කොරියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට සංචාරය සදහා පැමිණීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් බවත් මෙරට ස්වභාව සෞන්දර්ය විද ගැනීමට කොරියානු ජාතිකයන් විශේෂ කැමැත්තක් දක්වන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

රණතුංග මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව ඉදිරියේ දි කොරියාවේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරය නගා සිටුවිම සදහා රජය විශේෂ අවධානය යොමු කර ඇති බවත් ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටියේ ය.

වසංගත තත්ත්වය හේතුවෙන් නතර කෙරුණු කොරියානු ගුවන් සේවයේ ගුවන් ගමන් යළි ආරම්භ කිරීම, කොරියාවේ පැවැත්වෙන Costa සංචාරක ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සදහා කොරියානු තානාපතිවරයා සමග කොරියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Lem So Yean, පර්යේෂණ නිළධාරි , Byeon Jeong Hun, සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මිහු ද සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *