තාලෛයිමන්නාරම, පියර් මුහුදු තීරයේ බෝට්ටුවකින් ධීවර කටයුතු වල යෙදී සිටි පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (26) සවස් කාලයේදී අදාළ සිදුවීම පිළිබද පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක් වු තලෛයිමන්නාරම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මිය ගිය පුද්ගලයා මීමැස්මොරය රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු බවත්, එම රෝගය උත්සන්න විමෙන් දියට වැටී දියේ ගිලි මියගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
තලෛයිමන්නාරම, තම්මැන්නා නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් මළ සිරුර රැගෙන විත් තලෛයිමන්නාර රෝහල වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලෛයිමන්නාරම පොලිසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලැබේ.