• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක්

24 February 2024
in දේශීය, පුවත්
ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ සමහර රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබද වැඩිදුර සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (24) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් කමිටුව මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ අදාල විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා සිදු කරන බවත්, මෙම විද්වත් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා වන අතර එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්, රුධිර අංශයේ වෛද්‍යවරියක් ඇතුලු විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක් වශයෙන් මෙම කමිටුවට පත් ඇති බව මහිපාල මහතා කියා සිටියේය.

ඉහත සිදුවීම පිළිබදව සම්පූර්ණ සොයා බැලීමක් සිදු කර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස කමිටුවට දැනුම් දී ඇති බව ද පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  “කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුබද්ධිත රුධිර කාන්දුකරණ ඒ්කකයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 130 ක්, 135 ක් පමණ වෙනවා. මේ රෝගීන්ට දැනට අවශ්‍ය වකුගඩු රුධිර කාන්දුකරණ කටයුතු සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් 05 ක එම කටයුතු සිදුවන බැවින් එම රෝහල්වෙත යොමු කිරිමට කටයුතු කර තිබෙනවා. ඒ කුලියාපිටිය, දඹදෙනිය, පොල්පිතිගම, නිකවැරටිය වැනි රෝහල් වෙතටයි. රෝගීන්ට අපහසුතාවයක් නොවන විදිහට එම රෝහල්වල දැනට එම කටයුතු කිරීම සදහා රෝගීන් යොමු කිරිමට පියවර ගෙන තිබෙනවා. එම රෝගීන්ට අදාල රෝහල් වෙත යාම සදහා ගමන් පහසුකම් රෝහල විසින් සපයා දෙනු ලබනවා. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩලය එම රොහල් වෙත ගොස් එක් එක් රෝහලේ කාර්ය මණ්ඩලවලට සහයෝගය ලබාදීමට ද තීරණය කර තිබෙනවා. කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. මෙම විද්වත් කමිටුව ඉහත කරුණු පිළිබදව සොයා බලා වාර්තාවක් ලබාදෙයි. ඒ වාර්තාව අනුව අපි ඉතා ඉක්මණින් අවශ්‍ය පියවර ගන්නවා. රෝහලේ අධ්‍යක්ෂතුමත්, රුධිරකාන්දුකරණ ඒ්කකයේ විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය පැමිණෙන රෝගීන්ට ඉතා ඉහල ප්‍රතිකාර සේවාවක් ලබාදී තිබෙනවා. තවමත් කාන්දුකරණ කටයුතු ඇරෙන්න අනෙකුත් රෝගීන්ට ලබාදිය යුතු සත්කාර කටයුතු වාට්ටුව තුල ලබාදීමක් සිදු වෙනවා.”යැයි සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1,082
Previous Post

මිනිස් ඡාවාරමට ගොදුරු මියන්මාරයේ සිර වී සිටින ශ්‍රී ලාංකීකයින් යළි මෙරට ගෙන්වීමට උත්සහා කරනවා – විදේශ කටයුතු අමාත්‍යංශය

Next Post

නව සන්ධාන දෙවන රැළියට සහය පළ කරමින් හයිඩ් පාර්ක් පිටිය ජනතාවගෙන් පිරී යයි.

editor ttvnews

editor ttvnews

Next Post
නව සන්ධාන දෙවන රැළියට සහය පළ කරමින් හයිඩ් පාර්ක් පිටිය ජනතාවගෙන් පිරී යයි.

නව සන්ධාන දෙවන රැළියට සහය පළ කරමින් හයිඩ් පාර්ක් පිටිය ජනතාවගෙන් පිරී යයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved