• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ ආයෝජන රටට ගෙන එන්න ලොකු උත්සහයක් දරනවා – මන්ත්‍රී එස්.බී.දිසානායක

22 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ ආයෝජන රටට ගෙන ඒම සඳහා විශාල ප්‍රයත්නයක් දරන අතර මෙම අයවැය තුළින් රට ගොඩනගමින් කඩිනම්ව ආයෝජකයන්ගේ අවශ්‍යතා සියල්ල සපුරාලීම සහ ඔවුන් ධෛර්යමත් කිරීමේ වැඩසටහනකට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “අප රටේ මේ මතුවී ඇති ආර්ථික අර්බුදයට එහා ගිය මහා විශාල දේශපාලන අර්බුදයක්, මහා කුණාටුවක් ඇවිල්ලා යන්තම්ව රට ආපහු සාමාන්‍ය තත්වයට පත්වෙමින් සිටින මොහොතක්. මේ රටේ විශාල ආර්ථික කඩාවැටීම් ඇතිවුණු අවස්ථා ගණනාවක් තිබෙනවා. 2005 න් පස්සේ අපි ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. අපි තිස් අවුරුද්දක මහා ත්‍රස්තවාදි සාපයට එරෙහිව මානුෂික මෙහෙයුම පටන් ගත්තා. එයට විශාල ධනය වැය වුණා. 2007, 2008, 2009 ලෝක ආර්ථික අර්බුදය, මූල්‍ය අර්බුදය, තෙල් අර්බුදය , ආහාර අර්බුය ඇති වුණා. මේ සියල්ල මැද අපි යුද්ධය අවසන් කරලා අපේ රට එක්සේසත් කරන විට ආර්ථිකය 3% ට කඩා වැටුණා. හැබැයි අපි 2012 වන විට ලෝකයේ ආර්ථික සංවර්ධන වේගයෙන් දෙවැනි වුණේ චීනයට විතරයි. අපි 2014 , 2015 වන විට අපේ දරිද්‍රතාවය 16% තිබුණ එක 6% අඩු කරගෙන තිබුණා. ඒ අවස්ථාවේ 2014 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි කියලා. ආසියානු සංවර්ධන බැංකුව කියනවා උද්දමනය පාලනය කරගෙන මිල ස්ථාවර කරගෙන ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික ගමනක් යනවා කියලා. 2015 න් පස්සේ මේ රට හේතු කිහිපයක් නිසා කඩා වැටෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුව තුළ ඇති වුණු බලපොරය සහ අනාරක්ෂිත බව නිසා එහි අතුරු ප්‍රතිපලයක් තමයි සහරන්ලා පහර දෙන්නේ. ඒ නිසා 2015 දී 7.1 ට තිබුණු රටේ ආර්ථිකය 4.6, 3.2, 2.2 ට එන කොට තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතට පත් වුණේ. එතුමා ආණ්ඩුව අතට ගත් ගමන් අපි කවුරුත් නොහිතපු විදිහට කොවිඩ් වසංගතය නිසා රට වහන්න සිදු වුණා. විශාල වශයෙන් බදු සහන දිලා, රටේ ආර්ථිකය වහලා ජනතාවට සහන දෙන්න සිදු වුණා. ඒ 2015 පටන් ගත්ත ආර්ථික කඩා වැටීම ඉතාම දරුණු විදිහට 2020, 2021 වන කොට මේ රටේ සිදු වුණා. ඒ වගේම මහා දේශපාලන අර්බුදයක් රට තුළ මතු වුණා. දැන් අපි බංකොලොත් බව ප්‍රකාශ කර රටක්. ඇති වුණු උ්ද්දමනය 90%, 92% ට ගිය උද්දමනය අඩු වෙමින් යනවා. ආහාර උද්දමනයත් දැන් පහළට එමින් තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ආපහු වැඩෙන්න පටන් ගෙන තිබෙනවා. විදේශ ආයෝජන අපි රටට ගෙන ඒම සඳහා ලොකු උත්සහයක් කරනවා. මේ අයවැය හරහා ගොඩනගමින්, පුළුවන් තරම් ඉක්මණින් ආයෝජකයන්ට අවශ්‍යතා සියල්ල ඉක්මණින් ලබාදිලා ඔවුන්ව ධෛර්යමත් කිරීමේ වැඩසටහනකට යනවා. විශේෂයෙන් අයවැයේ කුරුදු ගැනත් කියලා තිබුණා. අපි කුරුඳුවල ලෝකයේ ඒකාධිකාරිය හිමි රටක්. මේ කුරුඳු නිෂ්පාදනය අපට ටිකක් වැඩි කරලා නව නිපයුම් කරන්න පුළුවන් නම් ඒ වගේ තැනකට ආර්ථිකය තල්ලු කරන්න, ඒ සඳහා ආයෝජකයෝ දේශීය හා විදේශීය වශයෙන් ගන්න තමයි අපි උත්සහ කරන්නේ. අපිට විපක්ෂයෙන් සහ අපෙන් ගැලවිලා ගිය සමහර අයත් විශාල වශයෙන් චෝදනා කරනවා ලාභ ලබන රාජ්‍ය ආයතන අපි පෞද්ගලිකරණය කරන්න පුද්ගලික අංශයට දෙන්න වැඩකටයුතු කරනවා කියලා. මෙය ඇත්ත. මගේ පෞද්ගලික මතය තමයි අපි ණය ගෙවමින් චීනය සහ ඉන්දියාවේ ශක්තිය ලබා ගනිමින් මේ තත්වයෙන් ගැලවෙන් අපි උත්තසහ ගත්තනම් හොඳයි කියනවා. අපිට විදේශ සංචිතය නැහැ. මේ තත්වය තුළ අපිට ඉක්මණින් විදේශ විනිමය ශක්තිමත් කරගෙන මේ තිබෙන ණය ටික ගෙවලා අපිට ස්ථාවර සංචිතයක් හදා ගන්න පුළුවන් නම් අපේ උද්දමන ප්‍රශ්නය, අපේ රුපියල අවප්‍රමාණයේ ප්‍රශ්නය, මේ ප්‍රශ්න සියල්ලනගෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අලාභ ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරනවා වගේම ලාභ ලබන ආයතන දෙකක් තුනකට දේශීය ආයෝජකයෝ අරගෙන මුදල් අරගෙන මේ තිබෙන ණය ගොඩින් ඉක්මණින් ගැලවුණොත් අපිට බොහොම ඉක්මණින් අපේ ආර්ථිකය නැවත වේගයෙන් නැගිටින තත්වයට ගෙනියන් පුළුවන්. ඒ නිසා අපි ව්‍යපාරවලට දේශීය ආයෝජකයෝ ගෙන්න ගැනිමේදි ලාභ ලබන ආයතන කිහිපයක් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර බවට පත් කරලා මුදල් ටිකක් ලබා ගත්තොත් ඒ හරහා අපිට ලොකු පිම්මක් යන්න පුළුවන් කියලා අපි හිතන්නේ. එය රටේ ආර්ථිකයට හා රටේ ජනතාවට ඉතා වාසිදායක තත්වයක් කියලා අපි කල්පනා කරන්නේ. ”යනුවෙන් මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

මෙම වසරේ අලි මිනිස් ගැටුමෙන් නුරාධපුරෙ පුද්ගලයින් 33 ක් වන අලි 70 මරුට

Next Post

චීනයෙන් ලැබුණු වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ජංගම රථය අනුරාධපුරයට

editor

editor

Next Post

චීනයෙන් ලැබුණු වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ජංගම රථය අනුරාධපුරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved