27 April 2024
#සංවර්ධන

චීනයෙන් ලැබුණු වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ජංගම රථය අනුරාධපුරයට

වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරනු ලබන ජංගම රසායනාගාරයක් සහිත බස් රථයක් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිමල් ආරියරත්න මහතා වෙත ලබා දීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (21) දින පළාත් සභා සංකීර්ණ භූමියේ දී සිදු කෙරිණි

මෙම ජංගම රසායනාගාරය තුළ වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සඳහා මුත්‍රා පරීක්ෂණ, රුධිර පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම්වලින් සමන්විතය. වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සිදු කෙරෙන සායන සඳහා මෙම ජංගම රසායනාගාරය යොදා ගැනීම මගින් රෝගීන්ට රෝහල් වෙත ගොස් පරීක්ෂණ සිදු කර ගැනීම අවශ්‍ය නොවන අතර රෝගීන්ට විශාල පහසුවක් සැලැසේ.

මෙය බස් රථය චීන රජයේ පරිත්‍යාගයකි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එස්. ධම්මිකා ජයසේකර පළාත් ආණ්ඩුකාර ලේකම් නයනා දසනායක, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, යන මහත්ම මහත්මීන් සහභාගී වූහ

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *