8 September 2024
#දේශීය

පුරාවස්තු සොයන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

කින්නියා, උප්පාරු ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේදී යුද හමුදා මාර්ග බාධකයේදී වෑන් රථයක තිබි පුරා වස්තු සොයා ගැනීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසියි පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ක් 47 අතර පසුවන මොරටුව, පිළිමතලාව, ගල්කිස්ස, උඩපුස්සැල්ලාව, කරන්දෙණිය හා වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (28) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කින්නයා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *