27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ඊයේ (27) රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 වේ. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *