3 May 2024
#දේශීය #පුවත්

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායනයක්

එප්පාවල, නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානය ප්‍රථම වරට සංවිධානය කල සංවිධානය කළ සෞඛ්‍ය වෛද්‍ය සායනයක්, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී අද (22) දවස පුරා පැවැත්විණි.

වකුගඩු, දන්ත සෞඛ්‍ය, සුවනාරී, ආයුරුවේද, රසායනාගාර සේවා, අක්ෂි වෛද්‍ය සායන කීපයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ පන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වී තම සෞඛ්‍ය තත්වයන් පරික්ෂා කර ගෙන ප්‍රථිකාර ලබා ගැනීම සිදු කෙරිණි.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *