• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ සැලැස්මක්

6 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළද ප්‍රදර්ශනය ( IFTM TOP RESA 2021 ) ඊයේ (05) ආරම්භ කෙරිණ.

එය (05) සිට 08 වෙනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වේ. ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ප්‍රංශයේ සංචාරක කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් JEAN BATISTE LIMOYNE මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක්විය. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශන සදහා ඉදිරිපත් වීම යලි ආරම්භ වී ඇති අතර මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව මේ වසරේ සහභාගී වන දෙවන ප්‍රදර්ශනයයි.

ශ්‍රි ලංකාව මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා වසර ගණනාවක් නොකඩවා සහභාගී වන අතර මෙවර ශ්‍රි ලාංකික සංචාරක නියෝජිත ආයතන 16ක් මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී වි සිටිති. මේ සදහා රටවල් 170 ක් පමණ සහභාගී වේ. වෙළඳ සන්නාම 1700ක් මෙන්ම සංචාරක වෘත්තිකයන් 34,000ක් පමණ සහභාගී වන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය මෙවර සමුළු සැසිවාර 150කින් පමණ සමන්විතය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශන කුටිය විවෘත කෙරුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට විදේශ සබදතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අමාත්‍ය උපදේශක කමිටුවේ සම්බන්ධීකාරක නිමේෂ් හේරත්, සංචාරක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රුක්ෂණ මල්ලවආරච්චි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අලෙවි නිළධාරී විරංග බණ්ඩාර යන මහත්වරු සහභාගී වුහ.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ඒකාබද්ධ සංචාරක සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබද ව මෙහි දී දෙපාර්ශවයේ ම අවධානය යොමු විය. කොවිඩ් වසංගතයත් සමග බිදි වැටුණු සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ශ්‍රි ලංකා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයත් සමග ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා සුරක්ෂිත රටත් බවට පත්ව ඇතැයි ද කීවේය.

ප්‍රංශ සංචාරක රාජ්‍ය ලේකම් JEAN BATISTE LIMOYNE මහතා මෙහි දී සදහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය සදහා ප්‍රංශය සිය පූර්ණ සහාය පළ කරන බවයි.

ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ සංචාරක ව්‍යාපාරය ඉතා තිරණාත්මක තත්ත්වයකට පත් ව ඇති බවත්, එම තත්ත්වයෙන් ගොඩ ගැනීම සදහා ලොවපුරා සියලු රටවල් සමග සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පශ්චාත් කොවිඩ් වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම සදහා විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද මෙහි දී කියා සිටියේය.

ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රංශ සංචාරකයන්ගේ අවධානය දිනාගෙන ඇති බවයි. 2019 වසරේ දී මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණි රටවල් අතර ප්‍රංශය ඉදිරියෙන් ම සිටි බව ද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඊයේ දිනය තුල සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශන කුටිය තුල දී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ සාකච්ඡා කීපයකට සහභාගී විය.

ප්‍රංශ සංචාරක සංවිධාන නියෝජිතයන් සමග ද එහි දී සාකච්ඡාවක් පැවැත්විණි. එහි දි ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියේ ඉදිරි කාලය තුල වැඩි වශයෙන් ප්‍රංශ සංචාරකයන් මෙරටට රැලෙන එන ලෙසයි. ඔවුන් සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සුදානමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කලේය.

Post Views: 12
Previous Post

කියුබානු තානාපතිතුමා හා රාජ්‍ය අමාත්‍ය චන්න අතර හමුවක්

Next Post

කොරියාව තවත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

editor

editor

Next Post

කොරියාව තවත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved