27 April 2024
#දේශීය

කියුබානු තානාපතිතුමා හා රාජ්‍ය අමාත්‍ය චන්න අතර හමුවක්

කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (H. E. Andres Marcelo Gonzalez Garrido) මහතා සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර අද දින (6) එම රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

ඒ මෙරට සිදුකරන කොවිඩ් 19 වසංගත පාලනය පිළිබඳව සහ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉදිරි කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහාය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ තානාපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳව ඔහු‌ගේ ප්‍රශංසාව ශ්‍රී ලංකා රජයට පළකළ අතර, කියුබානු රජයේ සහයෝගය ඔවුන්ගේ මිත්‍ර රටක් වන ශ්‍රී ලංකාවට ඉදිරියටත් ලබා දෙන බව පැවසුවේය.

මෙහිදී කලාපයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් එන්නත් කර අවසන් කිරීම සුවිශේෂී තත්ත්වයක් බව තානාපතිවරයා විසින් පවසන ලදී.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *