27 April 2024
#දේශීය

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ඊයේ (17) පස්වරුවේ මීගමුව පොලිසිය විසින් වටලා ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එහිදී එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 24, 38 සහ 45 වයස්වල පසුවන අය වේ.

ඔවුන් කටාන, දංකොටුව හා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (18) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර වීමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *