• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් – ඩි.බී.හේරත්

8 August 2022
in දේශීය

විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්ව ක්‍රියාකාරකම් තුළින් අත්දැකීම් හුවමාරු කර ගනිමින් මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙළක් රටට දායාද කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා, “මේ කාල වකවානුව තුළ මම දකින්නේ දේශපාලන ක්‍රියාකාරම් පිළිබඳව නව අත්දැකීම් හුවමාරු කර ගැනීමක් අපි දකිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ පාලන බලයට අරගෙන ආපසු නව දේශපාලන සංස්කෘතියක් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයට පාර්ලිමේන්තු ඡන්දයෙන් බලයට පත් කරලා එතුමා රටේ විධායකයා බවට පත් වෙනවා. මේ විධායකයා බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වන්නේ විශේෂයෙන්ම විප්ලවීය වෙනසක් ඇතිවය. අද වන විට පක්ෂවලට බෙදිලා ඒ පක්ෂවල බලය තහවුරු කිරීමේ අරමුණේම සිටිය යුතුද ? එහෙම හිටපු පක්ෂ තිබුණා. ඒ හින්දා රට අසාර්ථක බවට ගියා කියන එක අපි පිළිගන්නවා. මේ රටේ මහජනතාව අවුරුදු 74 ක් තිබුණු රටේ පාලන තන්ත්‍රය තුළ විවිධ අත්දැකීම් විදදරා ගත්තා, පිඩාවන්වලට පත් කරලා, ජයග්‍රහණයන්, පරාජයන් විදදරා ගත්තා ඔවුන් පත් කරපු ආණ්ඩු තුළින්. ඒ නිසා මේ අවස්ථාවේ මහජන නියෝජිතයෝ හැටියට මේ විප්ලවීය වෙනසක් ඇතිවෙච්ච අවස්ථාවක වගකීමක් සහිත මහජන මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කළයුතුයි. ජනාධිපතිතුමා බලයට පත්වන්නේ තනි පුද්ගලයෙක් හැටියට ඇවිල්ලා. හැබැයි මෙහි 145 බලයක් පොහොට්ටුව දේශපාලන පක්ෂය තහවුරු කරලා තියෙන්නේ. රටේ මහජන මතය එතනයි තිබෙන්නේ කියලා. අවුරුදු 74 ක දේශපාලන ඉතිහාය තුළ පොහොට්ටුව කියන මහජන මතය නිර්මාණය වෙලා කටයුතු කරන අවස්ථාවක පවතින තත්වයත් එක්ක විප්ලවීය වෙනසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදුකර තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුව තුළ විවිධ දේශපාලන ප්‍රතිපත්ති තිබෙන්න පුළුවන්. හැබැයි අපි යෝජනා කරන්නේ ඒ පෞද්ගලික දේශපාලන මතවාදයන්වලින් එහා ගියපු සර්ව පාක්ෂික කියන කාරණාවේ සැබෑ අරුත විග්‍රහා වෙන පාර්ලිමේන්තුවක්, කැබිනට් එකක් පත්වෙන්න ඕන. එහෙම වුණාම ඒ කැබිනට්ටුව තුළ තමන් දරණ දේශපාලන මතය , මහජනතාගේ මතය ඒ තුළ සනිටුහන් කරමින් මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන්. රටක් හැටියට ගත්තාම මහ බරපතල ආර්ථික අර්බුදයක් තිබෙනවා. පහුගිය කාලයේ මේ අර්බුදය නිසා එකිනෙකාට ඇගිල්ල දික් කරනවා. නමුත් අපි දැන් කළයුත්තේ එය නොව. සර්ව පාක්ෂික ආණ්ඩුව තුළ මේ සියලු වගකීම් භාරගෙන අපි වඩා නිවැරදි දෙයක් සිදු කළ යුතුය. මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට විවිධ දේශපාලන පක්ෂවල මත දරන පිරිස් ආණ්ඩුවට පැමිණ උදව් කරන්න කැමතියි. ඒ වගේ මෙහි සුබවාදි තත්වයක් අපි දකිනවා. මේ රටේ දෙකොටි විසි ලක්ෂයක් ජනතාවගේ අනාගත බලාපොරොත්තු මේ පාර්ලිමේන්තුව තුළ හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් හොඳ ස්ථානයක් හැටියට මම දකින්නේ. මෙවන් පසුබිමක් තුළ අපිට තිබෙන අතිත අත්දැකීම් සියල්ලම එකට භාවිතා කරලා රට ගොඩගන්නා වැඩපිළිවෙළක් දක්වා අරගෙන යන්න කටයුතු කරමු ”

 

Post Views: 6
Previous Post

චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි – ජවිපේ

Next Post

ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved