27 April 2024
#දේශීය

ගරාජය තුලදී විදුලි සැර වැදී අයෙකු මරුට

හඟුරන්කෙත, අධිකාරිගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (30) පස්වරුවේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එම පුද්ගලයා ගරාජය තුල සේවය කරමින් සිටියදී විදුලි ස්විචයක් ක්‍රියා විරහිත කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බව පොලිසිය කල මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 17 ක් වු අඹේවෙල, අධිකාරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *