• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස්නාහිර පාසල් ලබන 15 දිනට පෙර වීවෘත කිරීමේ සැලසුමක් – අධ්‍යාපන ඇමැති

29 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා‌ මේ බව පැවසූයේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක අද (29) දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

විශාල උනන්දුවක් සහ කැපවීමක් සහිතව ඉතා ක්‍රමානුකූල ව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින්, දෙමව්පියන් සමග ද සම්බන්ධීකරණය පවත්වාගනිමින් ඉතා සැලකිලිමත් ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

එමෙන් ම දරුවන් සමඟ දිනපතා ගැටෙන පිරිසක් ලෙස කොවිඩ් එන්නත ලබාදීමේ දී අපේ ගුරු පරපුරට ප්‍රමුඛතාවක් ලබාදීම ඉතා සාධාරණ කරුණක් බව ද ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,“කොවිඩ් 19 වසංගතය නිසා වසා දැමුණු පාසල් බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල විවෘත වුණ නමුත් පවතින දැඩි අවදානම් තත්ත්වය මත මේ පළාතේ දිස්ත්‍රික්ක තුනේ පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණේ නැහැ. නමුත් අවදානම් තත්ත්වය මත දරුවන්ගේ අනාගතය ම අඳුරු කරන්නට අපට බැහැ. වගකිවයුතු රජයක් ලෙස එම වගකීමෙන් මිදෙන්න අපි සූදානම් නැති නිසා ම සියලු අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළා. සෙසු ප්‍රදේශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අභියෝග ජය ගනිමින් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපිට ශක්තියක් තිබුණා”. යැයි පැවසීය.

මෙවන් අසීරු අවස්ථාවක ගුරුවරුන් කරන අද්විතීය මෙහෙවර සම්බන්ධයෙන් ද තම කෘතවේදීත්වය පළ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමෙන් වන පාඩුව වෙනත් දේ මෙන් පියවා ගත නොහැකි බව ද, රට තුළ අවදානමක් පවතින නමුත් පාසල් දිගින් දිගටම වසා තැබීම ප්‍රායෝගික නොවන බව ද, සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක ඇතුළු සියලු අංශවල පූර්ණ සහයෝගය යටතේ සමස්ත ක්‍රියාවලීන් සාර්ථක ව යථාතත්වයට පත්කරගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ඒ ඒ පාසල්වලට බලය පවරා ඇති බව ද, චක්‍රලේඛවල ගැටලු වෙතොත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දීමටත් අවස්ථාව ලබා දී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ඒ නිසා ම පෙබරවාරි 15වන දිනට පෙර පාසල් ආරම්භ කිරීමට හැකි පාසල් මොනවාද යන්න මේ වනවිට සොයාබලමින් සිටින බවත් පැවසීය. සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ඒ පාසල්වලට අවශ්‍ය පහසුකම්, මූල්‍ය ප්‍රතිපාදන ආදිය ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

බස්නාහිර පළාතේ පෙරපාසල් ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවත්, කුඩා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සමාජ දූරස්ථභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ කරුණ ප්‍රායෝගිකව ගැටඵකාරී තත්වයක් වන නමුත් පෙරපාසල් වසා තිබීම ද දරුවන්ට, දෙමාපියන්ට මෙන් ම පෙරපාසල් ගුරුවරුන්ට ගැටඵවක් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන් ම බස්නාහිර පළාතේ 1සිට 5 දක්වා ශ්‍රේණි විවෘත කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව ද මේ වනවිට සොයා බලමින් සිටින බවත් හැකි ඉක්මනින් එම ශ්‍රේණි සඳහා ද පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් නලින් ගම්ලත් මහතා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එක් වූහ.

Post Views: 1
Previous Post

කෝප් කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

Next Post

ජැටිය විකුණන්න හැදුවෝත් විමල් දැඩී තීන්දුවක

editor

editor

Next Post

ජැටිය විකුණන්න හැදුවෝත් විමල් දැඩී තීන්දුවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved