• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ – 10, ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක්

4 October 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නාගරික මන්ත්‍රී එන්.එම්.එම්. අයුබ්කාන් මහතාගේ ඉල්ලීමකට අනුව, කොළඹ මහ නගර සභා සීමාවේ කොළඹ 10, බප/කො/ ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාල (නවෝද්‍යා) හි පාසල් දරුවන් 337 දෙනෙකු සඳහා මාස 03 ක් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අද (04) නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය,” මෙම සංකල්පය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක්, එතුමා රටේ සියලුම වගකිව යුතු නිලධාරීන් කැඳවලා නගරාධිපතිනිය හැටියට මාවත් කැඳවලා රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සාකච්ඡා පවත්වලා විශේෂයෙන්ම මේ රටේ අග භාගයේ දී ඇති විය හැකි ආහාර හිගය පිළිබඳ පෙන්නපු දත්ත වලට අනුව සැලසුම් සහගතව එක රටක් හැටියට කටයුතු කල යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කලා. ඒ සාකච්ඡාවෙන් පසුව නියෝජ්‍ය නගරාධිපති, නාගරික කොමසාරිස්තුමිය, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ඇතුළුව සියලුම නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ද ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජමුණි මහතා ඇතුළුව අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සමඟ එකතුව කොළඹ නගරයේ හැකි ඉක්මනින් කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන වශයෙන් ගෙවතු වගාව ආරම්භ කර ආහාර සුරක්ෂිතතාවයට විසදුම් සෙවීමට අපි කටයුතු කලා. අපි විසින් “Urban Harvest” යන තේමාව පදනම් කරගෙන, අතිගරු ජනාධිපතිතුමාගේ උදවු උපකාර ඇතිව කොළඹ නගරයේ ඇති පෞද්ගලික අංශයේ හා වාණිජ අංශයේ හිස් ඉඩම් වල ගෙවතු වගාව ආරම්භ කිරීමට කටයුතු කලා. මේ රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, යකඩ ඌණතාවයෙන් පෙලෙන ගැබිණි මව්වරුන් කිරි දෙන මව්වරුන්, කුරු වීම ක්ෂය වීම දරුවන් තුළ ඉතාමත් සීග්‍රයෙන් ඉහලයන මට්ටමක් අපි දකිනවා. අපි කවුරුත් දන්නවා මේ රටේ පවතින වත්මන් වාණිජ හිඟකම සහ ආර්ථික අපහසුතාවයන් එක්ක ජනතාවගේ ජීවන වියදම දිනෙන් දින ඉහල යනවා. දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට තුන් වේලක් තියා එක වේලක්වත් කන්න දීගන්න බැරි අවස්ථා අපි දකිනවා. මේ හේතූන් මුල් කරගෙන තමයි ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රජා කුස්සි ආරම්භ කර ඒ හරහා ජනතාවගේ බඩගින්න නිවන්න අපි කටයුතු කරන්නේ. මේ වන විට අපි ප්‍රජා කුස්සි කිහිපයක් අපි ආරම්භ කරලා තියෙනවා. එයින් එකක් තමයි අද දින අයුබ්කාන් නාගරික මන්ත්‍රීතුමා විසින් සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීම සඳහා ආරම්භ කලේ.මීට සමගාමීව අද දින පාසල් භූමියේ ගෙවතු වගා සංකල්පය යටතේ වගා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. දෙමව්පියන් විසින් මේ ආහාරවේල පිළියෙල කරද්දී දරුවන්ගේ ආහාර වේලට අවශ්‍ය එළවළු පළතුරු ටික පාසලෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මම පාසල් යන කාලේ අපි ගෙවතු වගාව කළා. අපි ඒකෙන් යම්කිසි තෘප්තියක් ලැබුවා. අපි පොත පතට විතරක් සීමා නොවී භාහිර ක්‍රියාකාරකම් වලටත් අපේ අවධානය යොමු කල යුතුයි. නගර සභාවට අයත් සෑම හිස් ඉඩමකම පුස්තකාලය ඉදිරිපිට නගර සභා භූමියේ අපි වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා. ගෙවතු වගාවට ප්‍රජාව උනන්දු කරවලා තියෙනවා. ඒ අයට අවශ්‍ය ආම්පන්න පවා ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ වන විට කොළඹ මහ නගර සභාව, කෘෂිකර්ම අමාත්‍යංශය, FAO සංවිධානය එක්ව කාබන් නියුට්‍රල් කියන සංකල්පය යටතේ පරිසර හිතකාමීව දකුණු ආසියාවේ හොදම ආදර්ශ වගා බිමක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිනවා. ආහාර සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ Food Program හරහා ගැබිණි මවුවරුන්ට කිරි දෙන මව්වරුන්ට උපකාර කිරීමට කටයුතු කරලා තියෙනවා වගේම රු.15,000 ක මුදල් වවුචර්පතක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කොළඹ නගරයේ කිරිදෙන මව්වරුන්ගේ ගිණුම් වලට රුපියල් 10,000 ක් තැන්පත් කිරීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. යුනිසෙෆ් සංවිධානය මඟින් කොළඹ මහ නගර සභාව සමඟ එක්ව පෙර පාසල් දරුවන්ට හා දිවා සුරුකම් මධ්‍යස්ථාන වල සිටින දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මීට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙනුත් අපි අවධානය යොමු කල යුතුයි. පාසල් දරුවන්ගේ පරිඝණක දැනුම භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමට කොළඹ මහ නගර සභාවෙන් උපකාර අවශ්‍යනම් මම මේ අවස්ථාවේදී විදුහල්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපිට ඒ සම්බන්ධව ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කරන්න කියලා. අපි බහු කාර්ය මධ්‍යස්ථාන හරහා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වගේම භාහිර ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරිමට පෞද්ගලික අංශය සමඟ එක්ව වැඩසටහන් රාශියක් සංවිධානය කරනවා. මේ පාසලටත් අපිට ඒ වගේම ප්‍රවේශයන් පහසුකම් ලබා දෙන්න පුළුවන්නම් අපි අපේ පූර්ණ සහයෝගය මේ පාසලට ලබා දීමට කටයුතු කරනවා.යැයි කොළඹ නගරාධීපතිනිය රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Post Views: 9
Previous Post

පක්ෂ මාරු, ඇමතිවරු ගණන සීමා, තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන වගන්ති 22ට ඇතුල් විය යුතුයි – ජවිපෙ අනුර

Next Post

පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ තරුණියන්ට ජපානයේ වසර හතරක කෘෂි තාක්ෂණ පුහුණුවක්

editor

editor

Next Post

පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ තරුණියන්ට ජපානයේ වසර හතරක කෘෂි තාක්ෂණ පුහුණුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved