• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පහ පාසල්වල ඇති අවධානම් ගොඩනැගිලි සහ අවධානම් ගස් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් – ඇමැති ප්‍රසන්න

11 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල ඇති අවධානම් ගොඩනැගිලි සහ අවධානම් ගස් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (11) පැවැති ගම්පහ අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහිදී සදහන් කලේ එවැනි පාසල් හදුනාගැනීමෙන් අනතුරුව ලබන වසර ආරම්භ වනවිට එම පාසල් ප්‍රමුඛතාව මත පදනම්ව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 21 ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කළ සංවර්ධන සැලසුම් විදුහල්පතිවරුන්ට පිළිගැන්වීම මෙහිදී සිදු කෙරිණ.

මෙම පාසල් සංවර්ධන සැලසුම් නිර්මාණය කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවරුන් හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මැදිහත්වීමෙනි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 35 ක් සඳහා ද මේවන විට මෙලෙස පාසල් සංවර්ධන සැලසුම් සකස් කර තිබේ.

මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා “මම බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දි අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් කටයුතු කරන්න ලැබුනා. අපි සාර්ථක ව්‍යාපෘති රැසක් ඒ කාලේ ක්‍රියාත්මක කළා. මේ පාසල්වලට නිශ්චිත සංවර්ධන සැලසුමක් තිබුනේ නැහැ. ඒ නිසා අපි අපේ අමාත්‍යංශය යටතේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කර ගනිමින් මිනුවන්ගොඩ පාසල්වලට සංවර්ධන සැලසුමක් සකස් කළා. ඒ සදහා විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ සැලසුමක් හදන්න රුපියල් ලක්ෂ 5 ක් පමණ යනවා. ඒ නිසයි අපි මේ සදහා නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කර ගත්තේ. ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 48 ක් තියෙනවා. අපි මේ සැලසුම් සකස් කරලා තියෙන්නේ දැනට පාසල් 21 කටයි. ගම්පහ අනෙක් පාසල්වලටත් කඩිනමින් මෙම සැලසුම් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ පාසල්වල සංවර්ධන කටයුතු සිදු කරන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් හදපු සැලසුම් පාදක කර ගනිමින් එය සිදු කළ යුතුයි. එවිට පාසල්වලට ලැබෙන මුදල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ “අපේ පාසල – ⁣අපේ දෑතින් සුරකිමු” ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ මිනුවන්ගොඩ පාසල් 17 කට වර්ණාලේප කටයුතු හා සුළු අළුත්වැඩියා කටයුතු සඳහා අපි මුදල් ලබා දුන්නා. එම ව්‍යාපෘතිය ගම්පහ කලාපය තුළත් ආරම්භ කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයෙන් ආරම්භ කෙරේ. එය ගම්පහ අධ්‍යාපන කොට්ඨාශය තුළ ද ආරම්භ කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජයරත්න, ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල්, ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියන්ති නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යාපෘති) එන්. ඒ. එස්. එන්. නිශ්ශංක යන මහත්ම මහත්මීන්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ගම්පහ කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

Post Views: 2
Previous Post

කොළඹ පාසල් රතු කුරුස කනිෂ්ඨයන්ට පදක්කම් පළදියි

Next Post

සබරගමුව වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට ගිවිසුම්ගත වේ

editor

editor

Next Post

සබරගමුව වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට ගිවිසුම්ගත වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved