• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙරපාසැල් ගුරුවරිය ගැන අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක් – අයිතින් උදෙසා කාන්තාවෝ

3 July 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අවුරුදු දෙකක් පූර්ව ළමා විය මධ්‍යස්ථානයට ඇතුළත්වන ලක්‍ෂ හතරකට වැඩිය දරුවන් පෙර පාසැල අහිමි වී ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ ලොක්ඩවුන් කිරීම තුළ පුංචි දරුවන්ගේ බුද්ධි වර්ධනය සම්බන්ධයෙන් සිදුවූ විනාශය තක්සේරු කරන්න කිරීමට නොහැකි බවත් කවදාවත් එය පූර්ණය කිරිමට නොහැකි බවයි.

ඒ පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් කරන සමන්මලී ගුණසිංහ මහත්මිය “ පෙරපාසැල් දරුවාගෙන් පටන්ගෙන පැහැදිළි කරන්නම්. අවුරුදු දෙකේ ඉඳලා පහ වෙනකම් දරුවන් පූර්ව ළමාවිය කියලා හඳුන්වනවා. මේ අයගේ බුද්ධි වර්ධනයේ 80%ක් මේ ළමා වියේදී වේගයෙන්ම වර්ධනය වෙනවා. අධ්‍යාපනයට දරුවා සූදානම් කරන්නේ සහ ගෙදරින් සමාජානුයෝජනයට හුරු කරවන්නේත් පෙරපාසැල්වලින්. ඒ නිසා පෙරපාසැලට සුවිශේෂී වැදගත්කමක් තියෙනවා. පෙරපාසැල් ගුරුවරියන් ඒ පාසැල් තුළ පරිසරය ගොඩානගන්නේ දරුවාගේ බුද්ධි වර්ධනයට අදාළ පසුබිමකින්. නමුත් පවතින කොරෝනා තත්වය හමුවේ පෙරපාසැල් පද්ධතියම බිඳ වැටිලා. කොරෝනා නිසා අනික් හැම දේම වැහුවත් දරුවන්ගේ බුද්ධි වර්ධනය වහන්න බැහැ. එය හැමදාම සිද්ධ වෙනවා. බුද්ධි වර්ධනයට අවශ්‍ය දම්වැලක් වූ හසල කුසලතා පෙරපාසලක් තුළ ක්‍රමිකව කරන්න ඕනෑ. නමුත් දැන් අවුරුදු දෙකක් පූර්ව ළමා විය මධ්‍යස්ථානයට ඇතුළත්වන ලක්‍ෂ හතරකට වැඩිය දරුවන් පෙර පාසැල අහිමි වෙලා ඉන්නේ. පුංචි දරුවන්ට වෙලා තියෙන විනාශය තක්සේරු කරන්නේ කවුද? පර්ල් නැවෙන් වුණු විනාශය ගැන ඒ ඒ විෂය ප්‍රවීණයන්ට තක්සේරු කරන්න පුළුවන්. නමුත් ලොක්ඩවුන් කිරීම තුළ පුංචි දරුවන්ගේ බුද්ධි වර්ධනය සම්බන්ධයෙන් සිදුවූ විනාශය තක්සේරු කරන්න බැහැ. කවදාවත් එය පූර්ණය කරන්නත් බැහැ.

රට ගොඩනගන්න නිර්මාණශීලී පුද්ගලයන් සහ වෘත්තිකයන් බිහි කරන අත්තිවාරම මේ ලෙස විනාශ වෙලා යනවා. සහෝදරත්වය, බෙදාහදා ගැනීමේ හැඟීම්, අහිමි දරුවන් අනාගතයේ අභියෝග බාර ගන්නේ කොහොමද? දරුවන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න තියෙනවා වගේම අද වෙනකොට පෙරපාසැල් ගුරුවරිය විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ලියාපදිංචි පෙරපාසැල් 28,000කට ගුරුවරියන් 48,000ක් විතර ඉන්නවා. පහුගිය අවුරුදු දෙක තුළ මේ අයට මොනවාද වෙලා තියෙන්නේ? ලියාපදිංචි මේ ගුරුවරියන්ට මාසිකව ගෙවන්නේ රු. 250යි. අපි ගිය අවුරුද්දේ රජයට යෝජනා කළේ එය රු. 5,000ක් කරන්න කියලා. ආණ්ඩුව අන්තිමට රු. 250 දීලා තියෙන්නේ 2020 අටවැනි මාසයේ. දැන් ඒකත් නවත්වලා රු. 2,500ක් දෙන බව කියනවා. මේකත් බොරුවක්, වංචාවක්. පෙරපාසැල් ගුරුවරුන්ගේ ඇත්ත ජීවන තත්වය ඉතාමත් ඛේදනීයයි. බොහෝ තැන් මාසික කුලී පදනම මත ලබාගෙන දැන් ගෙවාගන්න බැරිව ඉන්නෙ. අනික් පැත්තෙන් පෙරපාසැල් පාලිකාවෝ යටතේ සහායට හිටපු ගණනාවකට කිසිම පිළිසරණක් නැහැ. පෙරපාසැල් ගුරුවරියන් මෙහෙකාර සේවයේ යෙදෙන තත්වයට පත්වී ඇති බව දැනගන්න ලැබී තිබෙනවා. මේ ආණ්ඩුව පෙරපාසැල් ගුරුවරියන් යාචිකාවන් කියලයි හිතන්නේ.

ලෝක බැංකු ව්‍යාපෘතියකින් රු. බිලියන 5ක ආධාරයක් ලංකාවට ලැබුණා. පෙරපාසැල්වල ගුණාත්මක සංවර්ධනය සඳහා ගුරු පුහුණුව වෙනුවෙන් යොදවන්න ලැබුණු මුදලක්. ආණ්ඩුව කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා සමීක්ෂණයක් කළා. ඒ වෙනුවෙන් රු. කෝටි 03ක් වියදම් කළා. මාස 06ක කාලයක් ඒ වෙනුවෙන් ගතකළා. මේ සමීක්‍ෂණයට අදාළ ක්‍ෂේත්‍රවල සියලුම දෙනා සහභාගී කරගෙන කළ හොඳ එකක්. නමුත් අන්තිමට ආණ්ඩුව කළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට තමන්ගේ බල ප්‍රදේශයේ පෙරපාසැල් 05ක් නම් කිරීමට බලය දීමයි. සමීක්‍ෂණයෙන් තෝරාගත් පෙරපාසැල් පැත්තක තියලා සභාපතිවරයාගේ අත්තනෝමතික විධිහට තෝරාගත් ඒවාට කිසියම් මුදලක් දුන්නා. ඒ වගේම රු. ලක්‍ෂයක ලී බඩු ගන්න දුන් සල්ලිවලින් ඉතාමත්ම බාල වර්ගයේ මිල අඩු ඒවා ගත්තා. අවුරුදු හතරක ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවීමට ගත් ලීබඩු අවුරුද්දක් යන්නත් කලින් විනාශ වෙලා. පූර්ව ළමා විය සංවර්ධන නිළධාරීනියන්ට රු. 15,000 ටැබ් එකක් දීලා රු. 30,000ක බිල් දැම්මා. දරුවන්ගේ සංවර්ධනය හෝ පෙරපාසැල් ගුරුවරියන්ගේ සංවර්ධනයට නැත්නම් පෙරපාසැලේ සංවර්ධනයට මේ මුදල් යොදවා ගත්තේ නැහැ.

කොරෝනා කාලය තුළ මේ ගුරුවරියන්ට විශේෂ දීමනාවක් දෙන්න කියලා අපි යෝජනා කළා. ඒ අනුව සියලුම පෙරපාසැල්වල විස්තර ආණ්ඩුව ලබාගත්තා. රු. 5,000 ගානේ මේ අය වෙනුවෙන් ලබාදෙන්න මාස හතරක මුදල් වෙන් කරන බව ගිය අවුරුද්දේ ඡන්දයට ඉස්සර කීවා. නමුත් බැසිල් රාජපක්‍ෂ මැදිහත් වෙලා නැවැත්වුවේ නැද්ද කියලා අපි ප්‍රශ්න කරනවා. ආදරණීය පෙරපසැල් ගුරුවරියන්ට මම මේ වෙලාවේදී යෝජනා කරනවා, අදාළ දේශපාලන බලධාරීන්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න කියලා. ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිවරයාගේ ඉඳලා ආයතන ගණනාවක් පෙරපාසැල් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න තියෙනවා. නමුත් ආයතන ගොඩක් තිබුණත් දරුවාට පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දුන්නෙ නැතිව ඒ ගුරුවරියන් යාචිකාවන් බවටත් පත් කළා. කොරෝනා කාලය තුළ මේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න විවිධ ක්‍රියාමාර්ග ගන්න සමීක්‍ෂණ කර තිබුණා. මේ මගින් හෙළිවී තිබෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනයට මේ දරුවන්ට සම්බන්ධ වෙන්න හැකි වෙන්නේ 8.6% කියලා. ඒ වගේම වීඩියෝ හදලා යවන ඒවා පෙන්වන්න හැකියාව ඇත්තේ 4.21%කට බව පැහැදිළි වුණා. ලිඛිත මාධ්‍යයෙන් පොත් උපයෝගී කරගෙන දෙන අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව 30.36%ක් කියලා හෙළි වුණා. නිලධාරීන් මේ වගේ වාර්තා ඉදිරිපත් කරද්දී ආණ්ඩුව දැක්වූ දායකත්වය මොකක්ද කියලා ප්‍රශ්නයක්.

ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා.

■ විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් කෙරෙහි අවධානය යොමු කරලා කටයුතු කරන්න ඕනෑ. ඒ ගුරුවරියන්ටත් ඒ දරුවන්ටත් ඒ දරුවන් රැගෙන යන දෙමාපියන්ටත් කොවිඩ් එන්නත දෙන්න ප්‍රමුඛත්වය දෙන ලෙස අපි යෝජනා කරනවා.
■ පෙරපාසැල් අධ්‍යාපනය ජාතික ව්‍යාපෘතියක් යටතේ සේවාවක් හැටියට පවත්වාගෙන යන්න අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම මැදිහත් විය යුතුයි.
■ සමීක්‍ෂණ කරලා ලබාදී තිබෙන වාර්තා අනුව කෙටි කාලින කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලත් අපි යෝජනා කරනවා.
■ පෙරපාසැල් ගුරුවරියන්ට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් රු. 5,000ක දීමනාවක් ලබාදෙන්න ඕනෑ.

මෙම කටයුතු ඉටුකර පෙරපාසැල් ඉක්මනින් පටන් ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

 

 

 

A request to pay attention to the preschool teacher – Women for Rights

Samanmalee Gunasinghe, Secretary of the Women’s Organization for Rights says that more than 400,000 children who enter the pre-school age center two years ago have lost their pre-school.

Speaking at a press conference, she said that the devastation caused to the intellectual development of young children during the lockdown could not be assessed and could never be replenished.

Explaining this in detail, Mrs. Samanmalee Gunasinghe said, “I will explain starting from the preschool child. From the age of two until the age of five, children are called early childhood. 80% of their intellectual development develops rapidly during childhood. Pre-schools also prepare the child for education and socialize at home. Therefore, pre-school is of special importance. Preschool teachers build the environment in those schools with a background relevant to the child’s intellectual development. But the pre-school system itself has collapsed in the face of the current corona situation. Corona closes everything else but does not block children’s intellectual development. It happens every day. Hasala skills which are a chain required for intellectual development should be done systematically in a pre-school. But now more than 400,000 children who enter the Early Childhood Center two years ago have lost their pre-school. Who assesses the devastation inflicted on young children? Experts in the field can assess the destruction caused by the Pearl ship. But the devastation caused to the intellectual development of young children during the lockdown cannot be underestimated. It can never be loaded.

Post Views: 7
Previous Post

සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයෙන් වෛද්‍ය සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරයි

Next Post

ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කරන්නේ 3R සංකල්පයටයි – පරිසර අමාත්‍යාංශයේ ලේකම්

editor

editor

Next Post

ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කරන්නේ 3R සංකල්පයටයි - පරිසර අමාත්‍යාංශයේ ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved