• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තඹුත්තේගම නගරයේ පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මංකොල්ලයක් ගැන අනාවරණයක්

11 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ නියෝගද නොසකා හරිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කළාපයේ තඹුත්තේගම නගරයේ පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් අතරේ කූඨ ලේඛණ සකස් කර රහසිගතව බෙදා දී ඇති බවත් එම ඉඩම් මංකොල්ලය වහා නවතන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් තඹුත්තේගම මහවැලි ඉඩම් සුරැකීමේ සංවිධානය පවසයි.

තඹුත්තේගම මහවැලි ඉඩම් සුරැකීමේ සංවිධානය මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම මාධ්‍ය සාකච්ජාවෙන් අනතුරුව මේ වන විට බෙදා දී ඇති ඉඩම් මාධ්‍ය වෙත පෙන්වා දීමටද ඔවුන් කටයුතු කළ අතර, ඔවුන් විසින් තඹුත්ත‌ේගම නගරයේ පිහිටි වැව් රක්ෂිතයේ ඉඩම් බෙදා දී ඇති ආකාරය, තඹුත්තේගම සතිපොළ හා දුම්රිය මාර්ගය අසල හා වනවගා භූමියක ඉඩම් බෙදා දී ඇති අකාරය පෙන්වා දෙනු ලැබීය.

මෙම ඉඩම් බෙදා දීමේදී තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථාන‌යේ හිටපු ස්ථානාධිපතිවරයාට පවා ඉඩම් ලබා දී මෙම ඉඩම් මංකොල්ලයට එරෙහිව මහජනතාවගේ නැගිටීම පාලනයට පොලිස් අනුග්‍රහයද ලබා ගෙන ඇති බවටත් එහිදී හෙළිදරව් කෙරිණි.

එම මාධ්‍ය සාකච්ජාවේදී අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායකමහතා,

මහවැලි අධිකාරිය විසින් විශේෂ තේරීම් යටතේ තඹුත්තේගම නගරයේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලියට එරෙහිව කරුණු දැක්වීම තඹුත්ත‌ේගම ජනතාව අවස්ථා කීපයකදී සිදු කරලා තියෙනවා.මේ පිළිබඳව ආරක්ෂක අංශ ලොකු තැතිගැන්මකත් ඉන්නවා.මේ වන විටත් තඹුත්තේගම පොලිස් ස්ථානයට පිටස්තර පොලිස් ස්ථාන වලින් විශාල පිරිසක්, ඒ වගේම ජල ප්‍රහාරක රථ ගෙනැවිත් තියෙනවා. මේ පිළිබඳව මහජන කැළඹීමක් ඇති වෙනවා.ඒක වලක්වන්න කියලා.අපි ඇත්තටම කණගාටු වෙනවා, අපි කිසිම වෙලාවක තාඩන පීඩන කරන්න, හිංසා කරන්න බලාපොරොත්තුවක් අපේ උද්ඝෝෂණ වල තිබුනේ නෑ.අපේ එකම අරමුණයි තිබුණේ සීඝ්‍රයෙන් දියුණු වන තඹුත්තේගම නගරයේ අනාගත රාජ්‍යය අවශ්‍යතාවන්ට, පොදු අවශ්‍යතාවන් වෙනුවෙන් තඹුත්තේගම නගරයේ හිස්ව තියෙන ඉඩම් මතු ප්‍රයෝජනය සඳහා ඉතිරිව තිබිය යුතුයි.ඒකයි අපේ ප්‍රධානම අරමුණ.ඒ ඉඩම් ටික ඇමතිවරයාගේ විශේෂ තේරීම් යටතේ ලබා දෙන ක්‍රියාවලිය හරිම ව්‍යාකූලයි.මේ ලැයිස්තු වල ඉන්නේ සුදුස්සෝ නෙමෙයි, ඥාතීවරු,හිතවතුන් ඉන්නේ, ඇතැම් වෙලාවට බොරු නම් තියෙන්නේ, බොරු ලිපිනයන් තියෙන්නේ.මොකක්දමේ ඉඩම් ආඥා පනතේ 21/1 වගන්තියේ විශේෂ තේරීම් කියන එක උපකල්පනය වෙන්නේ කොහොමද? මේ කාගේ හරි නම් ලැයිස්තුවක් දාලා ඉඩම් දෙන එකද? ඒක සුවිශේෂී කාරණයක්. පුද්ගලයකුට සුවිශේෂී වශයෙන් රාජ්‍යය මැදිහත්වීම මත ඉඩමක් ලබා දීමට තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී අමාත්‍යයවරයාට විශේෂ තේරීම් යටතේ ඉඩම් ලබා දීමේ අවස්ථාවක් තියෙනවා.එහෙම නැතිව මේ ලොට් ගණන්, දෙසිය ගණන් ඇමතිවරයාගේ විශේෂ තේරීම් කියලා දෙන්න බෑ.කොහොමද තේරුවේ? තේරුව ක්‍රමයක් ඔ්න, විශේෂ තේරීම් කියලා කියන්නේ, විශේෂ නම් ලැයිස්තුවක් නෙමෙයි, විශේෂ තේරීම් ලැයිස්තුව, අපි දැනගන්න ඔ්න මේ අය තෝරා ගත්තේ කොහොමද කියලා.තෝරා ගත්ත ක්‍රමයක් නෑ, වයස අවුරුදු 80 අයත් ඉන්නවා, අවිවාහක අයත් ඉන්නවා, මේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛතාවයක් නෑ, 130 කට අධික ප්‍රමාණයක් ඉන්නවා මේ ප්‍රදේශයෙන් පිට, 116 කට අධික ප්‍රමාණයක් ඉන්නවා පොලොන්නරුවේ, ඇයි පොලොන්නරුවේ ඉඩම් නැද්ද? පොලොන්නරුවෙන් කොච්චර ඉඩම් දෙන්න පුලුවන්ද? ඒ නිසා මේ තඹුත්තේගම නගරයේ තියෙන මේ ඉඩම් ටික ආරක්ෂා විය යුතුයි.ඉතාම සුළු ඉඩම් ප්‍රමාණයක් තියෙන්නේ, තව අවුරුදු 05 කින් මේ ජන ග්‍රහණය වැඩි වෙනවා, අපිට නිවාස සංකීරණයක් හදන්න වෙයි.පවුල් 200-300 කට අවස්ථාව දෙන්න, එකක් නෙමෙයි දෙකක් හදන්න වෙයි.වැව ආශ්‍රිත කොටස අපිට උද්‍යානයක් හැටියට හදන්න ඉඩකඩ ඉතුරු වෙලා නෑ, වැව කොච්චර වටිනා තැනක්ද, වැවත් බෙදා ගෙන, ඒ වගේම සති පොළ භූමියේ වාහන ගාල් කරන රථ ගාල බෙදා ගෙන, ඒ වගේම මහවැලිය වෙන් කරලා තිබුණා නිළ නිවාස සඳහා භූමි කොටසක් ඒ කොටසත් බෙදාගෙන. අර්ථයක් පැහැදිලි කරන්නේ නෑ මහවැලි නිළධාරීන්, මේ පිළිබඳව අපි ප්‍රශ්න කරන්න යන කොට පොලීසියට පැමිණිලි කරලා අපිව හිරේ විලංගුවේ දාන එක නෙමෙයි හපන්කම, මේ වෙච්ච අසාධාරණය, මේ වෙච්ච වැරැද්ද නිවැරදි කරන එක, මහවැලි ඇමතිවරයාගේ අතින් හෝ මහවැලි අමාත්‍යංශ ලේකම්වරයාගේ අතින් හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අතින් හෝ ඉඩම් අධ්‍යක්ෂකගේ අතින් හෝ නේවාසික ව්‍යාපාර කළමණාකරුගේ අතින් හෝ නියෝජ්‍යය නේවාසික ව්‍යාපාර කළමණාකරු ඉඩම්ගේ අතින් හෝ කොට්ඨාශ කළමණාකාරුගේ අතින් හෝ කොට්ඨාශ ඉඩම් නිළධාරියාගේ අතින් හෝ ඒකක කළමණාකරුගේ අතින් හෝ මේ වෙච්ච වරද නිවැරදි කරන්න ඕන.

අපි මේ කියන කථාව විගණන දෙපාර්තමේන්තුවේ විගණනයෙන් ඉතාම පැහැදිලිව සටහන් වෙලා තියෙනවා.මේ රටේ ඉඩමක් ලබා දෙන්න අයිතිය තියෙන්නේ ජනාධිපතිවරයාට, සින්නකර, දීර්ඝ කාළීන බලපත්‍රයක් හරහා අයිතිය දෙන්න පුලුන් පුද්ගලයා ජනාධිපතිවරයා, ඒ ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කරලා තියෙනවා 2022 නොවැම්බර් මස 11 වැනිදා සිට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව ඉඩම් බැහැර කිරීමේ සියලුම කටයුතු වහාම අත්හිටුවන්න කියලා. විගණන පරීක්ෂණයේදී පැහැදිලිව කියනවා 2022 නොවැම්බර් 12 දිනට පසුව, එනම් උක්ත ජනාධිපති ලේකම්වරයාගේ ලිපියෙන් පසුව, මෙම ඉඩම් බලපත්‍ර ලබා දී ඇති බවට තහවුරු වෙනවා කියලා.ඒ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනාධිපති ලේකම්වරයාගේ උක්ත ලිඛිත උපදෙස් චේතනාන්විතව නොසලකාහැර නව ඉඩම් බැහැර කිරීමට අදාළ කටයුතු සිදු කර ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.මේ අපි නෙමෙයි කියන්නේ, විගණකාධිපති දෙපාර්තමේන්තුව පවත්වපු විගණන විමසුමේදී මේක ඉතා පැහැදිලිව කියනවා.

ඒ වගේම තඹුත්තතේගම නගරයේ භෞතික සැලසුම් පිළිබඳ ලිපි එකක් හදලා තියෙනවා 2022.11.22 , තව එකක් 2022.12.12 හදපු එකක් තියෙනවා.භෞතික සැලසුම් එකෙන් හැදුවට පස්සේනේ ඉඩම් කට්ටි කරන්නේ, තේරීම් කරන්න ඔ්න, ඒක ලැබිලා තියෙන්නේ කොට්ඨාශ කාර්යාලයට 2022 දෙසැම්බර් මාසේ 15 වැනිදා, එහෙම නම් ජනාධිපතිවරයාගේ 2022-11-11 නියෝගය උල්ලංඝනය කරලා කියලා මේ ලිපි වලින් පැහැදිලි වෙනවා.මහවැලි ඇමතිවරයා, ලේකම්වරයා හා මහවැලියේ සියලුම උසස් නිළධාරීන්උත්සහ කරලා තියෙනවා ජනාධිපතිවරයා නිකුත් කරපු නියෝගයට යටින් රිංගලා පෙර දින යොදලා මේ ඉඩම් ටික බෙදා ගන්න. මේකට ඇමතිවරයාට සම්පූර්ණයෙන් උදව් කරලා තියෙනවා මහවැලි නිළධාරීන්,ඒ උදව් කරන ගමන් තමන්ගේ ඥාතීන්, හිතවතුන්ගේ නම් ටිකත් මේ ලැයිස්තුවට ඔබාගෙන තියෙනවා,දැන් මේ ඉඩම් කට්ටි විකුණනවා රුපියල් ලක්ෂ 40-45 වගේ ගණන් වලට,

මේ දීලා තියෙන්නේ ඉඩම් නැති අයට නෙමෙයි, මේ ලේඛණ වල ඉඩම් අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අත්සන දාන තැන් වල තියෙනවා අනුමත කරමි/ නොකරමි කියලා.හැබැයි විශාල ප්‍රමාණයක් ලිපි ලේඛණ වල තියෙනවා ඒ වචන දෙකින් එකක් වත් කපලා නෑ.අනුමත කළාද? නැද්ද ? කියලා අපිට නියගමනය කරන්න බෑ, ලේඛණ ගණනාවක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනුමත කරනවාද නැද්ද කියන එක පැහැදිලිව සඳහන් කරලා නෑ, ඒ එක්කම අමාත්‍යයවරයාත් ඒ වැඩේම කරලාතියෙනවා.එතකොට ඇමතිවරයා අනුමත නොකරපු ලේඛණයකට කොහොමද නේවාසික කළමණාකාරවරයා ඉඩම් භාර දෙන්නේ, ඒ වගේම තවත් ලේඛණයක ඉඩම් අධ්‍යක්ෂ අත්සන් කරලා නෑ.මේවා කළබලය කරපු දේවල්. ජනාධිපතිවරයා නිකුත් කරපු නියෝගයට ඉස්සර දින දාගෙන මේවා අත්සන් කරගෙන බෙදා ගන්න ඉතාම කළබලයක් තිබිලා තියෙනවා. අපි මේ පිළිබඳව අධිකරණයට යනවා, ඒ සඳහා වූ මූලික ක්‍රියාදාමයන් අපි කරගෙන යනවා.මේ සඳහා අතුරු තහනම් නියෝගයක් ගන්න බලාපොරොත්තු වනවා නඩුව අවසන් වනතුරු,මේ සම්බන්ධයෙන් අපි අනුරාධපුර මානව හිමිකම් කාර්යාලයේ පැමිණිල්ලක් සිදු කළා, ඊට අමතරව ජනාධිපතිවරයාට මහජන පෙත්සමක් භාර දුන්නා, අපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාටත් මේ පිළිබඳව මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කළා.

අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තඹුත්තේගම ඉඩම් මංකොල්ලය වහාම නතර කරන්න කියලා.එහෙම නොවනවා නම් මීට විරුද්ධව අපි පාරට බහිනවා.වාරී මාර්ග අමාත්‍යයවරයා හා දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරු හා ඔවුන්ගේ පවුල් වල ඥාතීන් හිතවතුන් ඉන්නවා.යැයි පැවසීය

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රී එච්.එම් අබේරත්න මහතා,

තඹුත්තේගම නගරයේ නව පොළ භූමියේ, පොලේ ගොඩනැගිලි ඉතුරු වෙන්න, අනෙක් සියලු ඉඩම් රජරට දේශපාලඥයා වන චන්ද්‍රසේන, චන්න ජයසුමන, නන්දසේන, කුමාරසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ හා ශෙහාන් සේමසිංහ රාජ්‍යය ඇමතිවරයාගේ හිතවතුන්ට ඉඩම් බැහැර කිරීම් කරලා තියෙනවා.වැවක් තියෙනවා නම් වැව් තාවුල්ල තියෙන්න ඔ්න, හැබැයි අද තමුත්තේගම වැව පොකුණක තත්වයට පත් වෙලා, තඹුත්තේගම සති පොලේ රථ ගාල හා තඹුත්ත‌ේගම වැව් තාවුල්ල චන්ද්‍රසේනගේ හිතෂීය එයාගේ පවුලේ සාමාජිකයන් අතර බෙදා දීලා තියෙනවා.මේ ලැයිස්තුවේ අංක 46 ට තියෙනවා තලාව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිගේ බිරිඳගේ නම තවත් තැනක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නමින් ලිපිනයන් වෙනස් කරලා තමයි මේ දෙතැනකට දාලා තියෙන්නේ.තලාව මිරීගම ප්‍රදේශයේ ඉඩම් බැහැර කිරීමක් කළා එතනත් සභාපතිවරයාගේ බිරිඳගේ නමින් ඉඩමක් තියෙනවා.

තඹුත්තේගම නගරයේ රාජ්‍යය ආයතන ප්‍රධානීන් එක්ක සාකච්ජා කරලා ඒ ආයතන වලට අවශ්‍යය ඉඩම් ප්‍රමාණයන් සාකච්ජා කරන්නේ නැතිව, දේශපාලඥයින් සතුටු කරන්න තඹුත්ත‌ේගම නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කටයුතු කරලා තියෙනවා.තඹුත්තේගම දුම්රිය නැවතුම්පළ වටේ ඉඩම් බෙදලා ඒ ආයතන අපහසුතාවට පත් වෙලා තියෙනවා.අපි නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා සමඟ සාකච්ජාවක් කළා දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් කීපදෙනෙක්, හැබැයි මේ වන විට රාජ්‍යය ආයතනයකට අයුතු ඇතුල්වීම්, අයුතු ජනරාශී කියලා අධිකරණයට අසත්‍යය කරුණු වාර්ථා කරලා මේ සටන දියාරු කරන්න උත්සහ කරනවා.‌මේ එච් කළාපයේ එන එන තඹුත්තේගම පොලිස් ස්ථානාධිපතිතුමන්ට ඉඩම් දීලා තියෙනවා,මේ ලැයිස්තුවේදී තඹුත්ත‌ේගම මූලස්ථාන පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිතුමන්ට ඉඩමක් තියෙනවා.අංක 56 නවරත්නලාගේ ජයලාල් අතුකෝරල, අපිට සැකයක් තියෙනවා උසස් පොලිස් නිළධාරීන්ට ඉඩම් දීලා පොදු අයිතීන් වෙනුවෙන් සටන් කරන මහජනතාව අපහසුතාවට පත් කිරීමටයි මේ පොලීසිය සතුටු කරන්නේ.වගකීමෙන් කියන්නේ, ඔහුගේ ලිපිනය තියෙනවා අංක 04, පවිත්‍රපුර, තුන්වැනි පියවර, කාර්මික පෙදස.

ඒ වගේම මීට අදාළ ලේඛණ ඉල්ලා සිටියත්, මහවැලි අධිකාරිය අපිට මීට අදාළ ඇතැම් ලේඛණ ලබා දෙන්නේ නෑ. මේ සඳහා සකස් කළ ලේඛණ කූඨ ලේඛණ බව පැහැදිලිව කිව යුතුයි.විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට මේ ඉඩම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූවාද නැද්ද කියලවත් කරුණු සනාථ කරගන්න බැරි වෙලා තියෙනවා.ඒ තරම් කූඨ ලේඛණ සකස් කරලා තියෙනවා.පවතින රජයේ දේශපාලඥයින්ගේ උපදෙස් මත මේ සටන දියාරු කරන්න උත්සහ කරනවා,නමුත් අපේ අනාගත පරපුර වෙනුවෙන් මේක සුරක්ෂිත කරනවා යැයි පැවසීය.

තඹුත්තේගම එක්සත් වෙළඳසංගමයේ සභාපති එම්.ඩබ් කුමාරසිංහ,

අපි හැම විටම තඹුත්තේගම නගරයේ පැවැත්ම අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වෙන ප්‍රජාවක්.අපි අද මේ මාධ්‍ය සාකච්ජාව පවත්වනවා කියලා දැනුම්වත් වුණාම, කොතරම් භය වෙලාද කියනවා නම් අවට පොලිස් ස්ථාන නිළධාරීන් තමුත්තේගම පොලිස් ස්ථානයට කැඳවලා තියෙනවා.ඊට අමතරව ජල ප්‍රහාරක රථ දෙක්ක පොලිස් ස්ථානයට ගෙනැවිත් තියෙනවා.අපේ ක්‍රියාවලියට තියෙන භීතිය නිසා මේක මැඩපවත්වන්න උත්සහ කරනවා.මහවැලි අධිකාරියේ බොහෝ පිරිසක් මේ ඉඩම්බැහැර කිරීම හෙළා දකිනවා. ඇතැම් නිළධාරීන් මේ ලිපි ලේඛණ වලට අත්සන් කරලා තියෙන්නේ බල කිරීමකට, ඇතැම් නිළධාරීන් අත්සන් කරලා නෑ.

පහුගිය දවසක මේ සම්බන්ධයෙන් සිදු කළ උද්ඝෝෂණයකදී, හිටපු නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා සිදු කළ මේ අකටයුත්ත සම්බන්ධයෙන් නව නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා දැනුම්වත් කරන්න පිරිසක් ආවා.ඔවුන් එතනදී ඉහළ බලපෑමකට අපිව හිරකරන්න උත්සහ කළා.අපි සාකච්ජා කරන්න එන විට ඔවුන ගේට්ටුව වැහුවා, ඒත් සමඟ පිරිස කුපිත වුණා, ඔවුන් ගේට්ටුව හිරකරගෙන ඉඳලා, අපිට දඩුවම් කිරීමේ අරමුණින් එක් වරම ගේට්ටුව විවෘත කර ගන්න අවස්ථාව දුන්නා.ඒ පිරිස නේවාසික කළමණාකාරවරයා කාර්යාලයේ ඉඳලා ඔහු දොර වහගත්තා.ඒ වෙලාවේ පොලිස් නිළධාරීන් ඇවිත් සාකච්ජාවට පස් දෙනෙකුට අවස්ථාව දුන්නා.ඒ අවස්ථාවේදී උසස් පොලිස් නිළධාරීන් ඒ ස්ථානයේ හිටියා.අපි සුහද සාකච්ජාවක් කරලා ආවා.නමුත් නව නේවාසික කළමණාකාරවරයාත් පෙර නේවාසික කළමණාකාරවරයා නවත්තපු තැනින් පටන් ගෙන ඉදිරියට මෙම අක්‍රමිකතාවය ගෙන යන්න ආපු කෙනෙක් විදිහටයි හැසිරුනේ.ඔවුන්ගේ ඇමතිවරුන්ගේ හිත් සතුටු කරන්න ඒක පණ පොවන්න ශක්තිය දෙන්න ආපු කෙනෙක් විදිහටයි අපිට පෙනුනේ.‌මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළොත් අපි පිළිගන්නවා ඔහු සාධාරණ නිළධාරියෙක් කියලා.

තඹුත්තේගම නගරයේ තව පොදු අවශ්‍යාතවන් රැසක් වෙනුවෙන් ඉඩම් අවශ්‍යය වෙනවා, මහජන පුස්ථකාලයක්, උද්‍යානයක්, රංගශාලාවක්, විදුලි බල මණ්ඩල කාර්යාලයක් ඇතුළු රජයේ ගොඩනැගිලි රැසක් ඉදි වෙන්න නගර සීමාවේ ඉඩම් අවශ්‍යයි.

අපිව අද අත්අඩංගුවට ගන්න සූදානම් කියලා දැන් තොරතුරු ලැබෙනවා.අපිව හිර කරන්න, භීතියට පත් කරන්න උත්සහ කරනවා යැයි පැවසීය.

විශ්‍රාමික පොලිස් පරීක්ෂක මහේෂ් ගුණසේකර.

තඹුත්ත‌තේගම නගරයේ රොෂාන් රණසිංහ අමාත්‍යයවරයා බෙදා දී ඇති ඉඩම් 267 කූඨ ලේඛණ සකස් කර ලබා දී ඇති බවට අපි සනාථ කර ගෙන තිබෙනවා, මේ සම්බන්ධ විමර්ශන වලදී මේ ලේඛණ සියල්ල පරික්ෂා කරලා, කොන්දේසී උල්ඝණය කරලා සිදු කළ මෙම කටයුතු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න කියලා ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 0
Previous Post

මාතලේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා අවම කිරීමට වැඩපිලිවෙලක්

Next Post

ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව, අපිට අපි මිතුරු සංසදය සහ BAFF එක්ව ප්‍රතිසංස්කරණය කෙරේ

editor

editor

Next Post

ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව, අපිට අපි මිතුරු සංසදය සහ BAFF එක්ව ප්‍රතිසංස්කරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved