නව කුරුදුවත්ත, උඩහේන්තැන්න ප්රදේශයේදී අද (22) දින උදෑසන කාලයේදී බෙරවිල සිට ගම්පොල දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයකට පාසල් සිසුවියක් යට වී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මිය ගිය දැරිය වයස අවුරුදු 10 ක් වු මල්ගොල්ල, පටිතලාව ප්රදේශයේ පදිංචිකාරියකි.
මෙම දැරිය බස් රථයෙන් බැස බස් රථයේ ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමේසී එම බස් රථයටම යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම සිසුවිය බරපතල තුවාල ලබා නව කුරුදුවත්ත ප්රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මුලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත. නව කුරුදුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.