ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සදහා පාර්ලිමේන්තුවේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන 12 වැනිදා සංවිධානය කර ඇත.
දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය සහ දැනුවත්බව වැඩි දියුණු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සංවිධානය කරන මෙම වැඩසටහන සදහා පැෆරල් සංවිධානය ද සම්බන්ධීකරණ දායකත්වය ලබා දී ඇත.
මේ අනුව නීති සම්පාදනය ඇතුළු පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කොට ඇත.
මේ අතර ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන් පිරිසක් සදහා ලබන 15 වැනිදා ද කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් වෙනුවෙන් ලබන 16 වැනිදා ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර ඇත.