27 April 2024
#දේශීය

කොරියානු රැකියා සඳහා වීසා 1125ක් දැනටමත් සූදානම් – අමාත්‍ය මනුෂ

කොරියානු රැකියා අපේක්ෂකයින්ට වීසා බලපත්‍ර 1125ක් සූදානම් බවත් සතියකට ශ්‍රමිකයින් දෙසීය පනහක් කොරියාව බලා පිටත් කිරීමට කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ ගැටළු සාකච්ජා කිරිම සඳහා කොරියානු මානව සම්පත් අංශයේ නිලධාරින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් හා කොරියානු රැකියා අපේක්ෂකයින් අතර අද (09) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති විශේෂ හමුවකදීය.

කොරියානු රැකියා අපේක්ෂිතයින් සදහා වීසා අයදුම් කිරීම සදහා පැවති ප්‍රමාදයන් වැලැක්වීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගණනය කර ඔවුන්ට ඉලක්ක හා දිරිදීමනා ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

කොරියානු විභාග පැවැත්වීම සදහා වැඩි පහසුකම්වලින් යුත් නව මධ්‍යස්ථානයක් ලබාදෙන බවත්, ඉදිරි වසරේදී කොරියානු රැකියා අවස්ථා වැඩි කරගැනීම සදහා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා, කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ලී ජූ චුල් මහතා, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී. සේනානායක මහතා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු ) පී.ජී.ජී.එස්. යාපා මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරින් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *