27 April 2024
#දේශීය

කෑගල්ලේ නාය යාම් විපත් පාලනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක්වෙමින්.

සුළු අපනයන බෝග ආනයනය දැන් නතර කර ඇති බැවින් මෙරට බෝග සඳහා ඉදිරියේ දී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවීන් ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේය.

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යල් පැණ ගිය නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද ජනතාව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.

මාවනැල්ල නගරයට අඩුවක්ව පවතින බස් නැවතුම්පොළක් ඉදිකර දෙන ලෙස හා දනාගම වේල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මේ පිළිබඳ අධ්‍යයනය කොට සැලසුම් සම්පාදනය කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මයුරපාද ජාතික පාසලේ අඩුපාඩු පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *