• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශයන්හි රැකියා කරන්නන්ගේ ගැටළු විසඳීමට විශේෂ කණ්ඩායමක් – අගමැති

19 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඕමානය ඇතුළු විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා එම පැමිණිලිවලට විසඳුම් ලබාදීමට විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදීය. ‍‍

ලියාපදිංචි වී විදේශ රැකියාවලට ගොස් ඇති ලක්ෂ දහයකට ආසන්න පිරිස සහ නිසි ලියාපදිංචියක් නොමැතිව විදේශ රැකියාවලට ගොස් සිටින ලක්ෂ 16ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා රටට සහ නිවෙස් වෙත මුදල් එවන පිරිසක් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මේ නිසා ඔවුන්ගේ ගැටළු විසඳීමට ඊට අදාළ පනතේ සංශෝධනයක් මෙන්ම එම විදේශ තානාපති කාර්යාලවල මීට වඩා සක්‍රීයභාවය අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය . මේ නිසා මෙම ගැටළු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට, ජනාධිපතිතුමා අදාළ බලධාරීන් කැඳවා නියමිත උපදෙස් ලබා දී ඇති බවද ඔහු කියා සිටියේය.

ශක්තිමත්, මහ බැංකු පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ සිදු වූ මහ බැංකු හොරකම පිළිබඳ තමන් එදා කළ කතාවේ වරදක් නොමැති බව කී අග්‍රාමාත්‍යවරයා, අධිකරණ බලයට ඉහළින් කටයුතු කළ නොහැකි බවත්, එසේ කරන්නේ නම් එය කළ හැක්කේ ගරු කතානායකතුමාට, පාර්ලිමේන්තුවට පමණක් බවත් අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසිය ‘ගරු ඩලස් අලහපෙරුම මැතිතුමත් සඳහන් කළා, අපේ රාජ්‍ය ඇමතිතුමත් උත්තර දුන්නා. පසුගිය මාස එකහමාරක් තිස්සේ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කොට, ඕමානය හා තවත් ස්ථානවල ඇති මෙවැනි පැමිණිලි ගැන වි‍ශේෂ කණ්ඩායමක් අපි පිටත් කළා, අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා. මේක ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නයක්. ඒ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුමන තරාතිරමක තනතුරක් හෙබෙව්වත් ඒ අය වහාම අත් අඩංගුවට ගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා රජය වහා මැදිහත් වී තිබෙනවා. මේ කාලයක් තිස්සේ වර්ධනය වුණ දෙයක්.

මිලියනයක් කිට්ටුවෙන්න, ලක්ෂ නමයහමාරක් පමණ විදේශ රටවල විදේශ රැකියා කාර්යංශවල ලියාපදිංචි ඇතිව සේවයට ගිහින් තියෙනවා. ගරු ඩලස් අලහපෙරුම ඇමතිතුමා දන්නවා. ඊට අතිරේකව දැනට කරලා තියෙන සමීක්ෂණයේදී ලක්ෂ 16ක් පමණ විදේශ රටවල්වල විශේෂයෙන් ගල්ෆ් ප්‍රදේශයේ මේ ආකාරයේ රැකියාවලට ගිහිල්ලා ඉන්නවා. ඒ අය හරියාකාරව ලියාපදිංචි නොමැති නමුත්, රැකියා කොට රටට, ගෙවල් දොරවල්වලට කොහොම හරි මුදල් එවන පිරිස.

මෙය ක්‍රමානුකූල කර ගැනීම සඳහා මම හිතන්නේ හිටපු විදේශ ඇමතිලා සියලු දෙනා යම්කිසි උත්සාහයක් ගත්තා. මේ පනත සංශෝධනයක් අවශ්‍ය වෙනවා.

දෙක, අපේ විදේශ තානාපති කාර්යාල මීට වඩා අවධියෙන් සක්‍රීය වෙන්නට වෙනවා. ඒ වගේම මේ ශ්‍රමිකයන්ට ලැබිලා තිබෙන අවස්ථාවල් හරියාකාරව ලබාගැනීම සඳහා ද්වීපාර්ශක ගිවිසුම් හරියාකාරව අත්සන් කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවරවල් සම්පූර්ණ කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

එවැනි තත්ත්වයන් සඳහා ප්‍රමුඛත්වය දෙන්න මේ වන විටත් ජනාධිපතිතුමා අදාළ බලධාරීන් කැඳවා සාකච්ඡා කොට ඒ නියෝගයන් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ නිසා මම ස්තූතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමන්ලාට මේ ප්‍රශ්නය ඇසීම, මෙවැනි නීතිමය ක්‍රියාමාර්ග සඳහා රජය පසුබහින්නේ නෑ. පූර්ව පරීක්ෂණයක් කොට තොරතුරු සම්පූර්ණ කර ගෙන අවශ්‍ය නම් අපේ සුවිශේෂ තොරතුරු සේවා අංශ පිටත් කොට ඒ සඳහා පියවර ගන්න ක්‍රියාමාර්ගවල අප නිරතව සිටින බව ගරු මන්ත්‍රීතුමන්ලාට සඳහන් කරන්න ඕන.

නමුත් සංඛ්‍යාව අනුව විශාල ප්‍රමාණයක් හරියාකාර ලියාපදිංචි නොමැතිව ගමන් කර තිබෙනවා. ඒ නිසා අපි ඔබ හැමදෙනාම මේ ජාතික වූ ප්‍රශ්නයක් හැටියට සලකා විදේශ රටක රක්ෂාවක් කරන්න තිබෙන ඕනෑකම හා දරිද්‍රතාවය අපේ රටේ මුහුණ දෙන ජනතාවට ඒ අවශ්‍යතාව සුරක්ෂිතව ලබා ගැනීම සඳහා මැදිහත් වෙන්නට කියන දේ අපි ඒකාබද්ධව ගත යුතු පියවරක් හැටියට සහයෝගය දක්වන්න.

දෙවැනි කාරණය මුදල් ඇමතුතමා නෙවෙයි රාජ්‍ය ඇමතිතුමා උත්තර දුන්නා ගුරු විපක්ෂ නායකතුමාට. ඔබතුමා සඳහන් කළා මධ්‍යම බැංකු පනතක් ඉදිරිපත් කරන්න කියලා. මේ පනතේ කෙටුම්පත පක්ෂ නායකයන් ඉදිරියේ ද අපි සාකච්ඡා කළා මාස හතරකට කලින්. ඒ ඇතිවුණු තත්ත්වය තුළ, ඒ පනත ඉදිරිපත් කිරීම ගැන ප්‍රමාදයක් ඇති වී තිබෙන්නේ, රටේ තිබුණු තත්ත්වය මතයි. ඊට පස්සේ අලුතෙන් මුදල් අමාත්‍ය හැටියට ගරු ජනාධිපතිතුමා වැඩ භාර ගත්තාට පස්සේ මේ කෙටුම්පත ඉදිරිපත් කිරීම පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක සිටිනවා කියලා මම විපක්ෂ නායකතුමාට සඳහන් කරන්න ඕනේ.

නමුත් ඔබතුමාලට අපි සාකච්ඡා කරන්න වෙයි, මධ්‍යම බැංකුව සම්බන්ධව මේ පරණ හදපු කෙටුම්පත I have discuss with honorable Eran Wickramaratne also this matter, පරණ හදපු කෙටුම්පත මීට වඩා ශක්තිමත් කළ යුතුයි. මම අද ප්‍රකාශ කරන්න ඕනේ, ආණ්ඩුවයි විපක්ෂයි සියලු දෙනා, මේ කේන්ද්‍රීය බැංකුව, එක මහ බැංකුවයි රටක තියෙන්නේ. මේක තමයි මම විපක්ෂයේ ඉඳගෙනත් කිව්වේ. අදත් කියන්නේ. එය ශක්තිමත්ව ආරක්ෂා කොට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මේ නීති කෙටුම්පත, අපි සභාවට ගෙනවිත්, සම්මත කිරීමේ ක්‍රියාමාර්ගයට ඉක්මනින් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පැත්තෙන් පොඩි පහරකුත් දුන්නා, හිටපු අපේ විපක්ෂ නායකතුමා මම මහබැංකු හොරකමේදී කළ කතාව Re play කරලා අහගන්න කියලා. කිහිප සැරයක් මම Re play කළා. ඒකේ වැරැද්දක් නැහැ. අධිකරණයට අයිති බලය, ඔබතුමාට, මට හෝ ගන්න පුළුවන් කතානායකතුමා නියෝගයක් දුන්නොත් පමණයි. අධිකරණ බලයට ඉහළින් නියෝගයක් දිය හැක්කේ කතානායකතුමනි, ඔබතුමාට පමණයි. පාර්ලිමේන්තුවට පමණයි ගරු කතානායකතුමනි. නැත්නම් අපි අනුගමනය කරන්නේ අධිකරණයට ගෞරවයක් ඇතිව කටයුතු කිරීමයි. ඒ නිසා අධිකරණයට අපහාස කරන්න සමහර අය ගිය සුමානවල ඇවිල්ලා ප්‍රකාශයක් කළා. එහෙම කටයුතු කරන්නේ නෑ පාර්ලිමේන්තුවක්. ඒවා අපි ගෞරවයෙන් ඉටු කළ යුතුයි.

මගේ කතාව Re play කරලා අහගන්නවා වගේම ඔබතුමාලා මේ එදා අමාත්‍ය මණ්ඩලයේ හිටපු ඔබතුමාලා කරපු කතාවල්, Re play කරලා අහගන්නවා නම් වඩා හොඳයි. මොකද ඔබතුමාන්ලානේ ආණ්ඩුව ඒ කාලේ. අපේ ආණ්ඩුවක් නෙවෙයි.

ඒ නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව පනතක් තවත් ශක්තිමත්ම ව අවශ්‍ය බව අපි පිළිගන්නවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා, මුදල් අමාත්‍යංශය වෙනුවෙන් අපේ රාජ්‍ය ඇමතිතුමා ඒ පිළිබඳ ප්‍රකාශ කළා.’යැයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

-ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

 

Post Views: 8
Previous Post

මහ බැංකුව කඩන්න යන අලුත්ම ක්‍රමය විපක්ෂ නායක සජිත් හෙළිදරවක්

Next Post

යුරියා පොහොර කිරා බැලීමෙන් පසු ගොවින්ට නිකුත් කරන්න – කෘෂිකර්ම ඇමැතිගෙන් උපදෙස් දෙයි

editor

editor

Next Post

යුරියා පොහොර කිරා බැලීමෙන් පසු ගොවින්ට නිකුත් කරන්න - කෘෂිකර්ම ඇමැතිගෙන් උපදෙස් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved