27 April 2024
#දේශීය

මහ බැංකුව කඩන්න යන අලුත්ම ක්‍රමය විපක්ෂ නායක සජිත් හෙළිදරවක්

මේ රටේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව,ඒ වගේම කනකම් බලාගෙන හිටපු සමහරුන්ට මේ වතාවෙත් මහ බැංකුව කඩා ගන්න බැරි උනාම මොන ක්‍රමයකින් හරි තමන්ගෙ හෙංචයියන් පිරිසක්  පත්කරගන්න උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුව අමතමිනි.

විපක්ෂනායකවරයා කියා සිටියේ මහබැංකු කඩා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ මහ බැංකුවට චෝදනා එල්ල කරමින් මුට්ටිය දාමා බලන බවයි.

නැවත මහ බැංකුව කැඩීම සඳහා ඒ වැඩේට හරියන ගජමිතුරු කල්ලියක් මහ බැංකුවට පත් කරගත්තම එයා  වඩා පහසු බව ඔවුන් දන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා ජාතික ලැයිස්තුවෙන් පිනට පත් වූ සමහරු ඊට කැස කවන බවද පැවසීය.

මහ බැංකුව කැඩීම ගැන එදා දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය නැවත Replay කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා වර්තමානයේ දී මේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න මුල් වෙච්ච සියලු දෙනා රතු පලස් උඩින් බොහොම සුරක්ෂිතව එගොඩ කර ඇති බවත් පැවසීය.

ආර්ථිකය බංකොලොත් කරපු එක පුද්ගලයෙක් පොත් ලියන බව කී විපක්ෂ නායකවරයා ආර්ථිකය බංකොලොත් කරපු තව පුද්ගලයෙක් අළුමතින් නැගිටින්න හදන බවත් තවත් සමහරු එහෙම නැගිටින අයට ඔක්සිජන් දෙන බවත් කීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *