27 April 2024
#දේශීය

monkeypox පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට

monkeypox රෝගයට අවශ්‍ය පෙර සූදානම වෙනුවෙන් පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (05) මෙරටට භාර දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාරදෙනු ලැබීය.

පරීක්ෂණ කට්ටල 125ක් පෙර සූදානම වෙනුවෙන් මූලිකව භාරදෙනු ලැබූ අතර එම තොගය වෛද්‍ය පර්යේෂණායතනය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාරදීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය හමුවේ දැඩි පීඩා විඳි ජනතාව මේ වනවිට යම් සහනයක් ලබා තිබුණ ද යළි එහි වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එන්නත්කරණය තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගැනෙන බවයි.

monkeypox රෝගය යුරෝපය හා අප්‍රිකානු රටවල මේ වන විට වේගයෙන් පැතිර යන අතර, අසල්වැසි ඉන්දියාවේද වාර්තා වීමක් පෙන්නුම් කරන බැවින් මෙරට ද එයට පෙර සූදානම වඩාත් වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයේ යලි නැගිටීමක් පෙන්නුම් කරන මොහොතක වසංගත රෝග පාලනය වඩා වැදගත් යැයි ද විශේෂයෙන් වඳුරු උණ රෝගයට පෙර සූදානම හා සෞඛ්‍ය අංශ ඒ වෙනුවෙන් ශක්තිමත් කර තැබීම වඩාත් වැදගත් යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *