27 April 2024
#දේශීය

මාතලේ දි පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මාතලේ නගරයට ආසන්න තාරලන්ද පාරේ පාළු නිවෙසක් ඇති ඉඩමක ජර්මනියේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් වලදමා තිබියදි එක් සැකකරුවෙකු සමග 23දා දහවල් සොයා ගත් බව පොලිසිය පවසයි.

මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාට ලද තොරතුරක් අනුව මෙම පිස්තොලය මාතලේ කොට්ඨාශය භාර අපරාධ විමර්ශන අංශය සහ මහනුවර විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සොයා ගත් අතර එහිදි තිබු ජිව උණ්ඩ 30ක්,ටි 56 උණ්ඩ 1ක්,ජි.එම්.පි උණ්ඩ 29ක් මෙසේ සොයා ගත් බවද පොලිසිය කියයි

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමිට නියමිතය.

සිද්ධිය පිළිබදව මාතලේ කොට්ඨාශය අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂන පවත්වයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *