• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවාහනය සඳහාත් කාර්‍ය සාධක බලකායක්

15 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප‍්‍රවාහන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්  ප‍්‍රවාහන සේවා කළමනාකරණ කාර්‍ය   සාධක බලකායක් පත්කර තිබේ.  

ඒ කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප‍්‍රවාහන සේවා සෞඛ්‍යාරක්‍ෂිතව හා විධිමත්ව පවත්වාගෙනයාම වෙනුවෙනි.

එහි සභාපතිවරා ලෙස අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනවිරත්න  පත් කර ඇති අතර ලේකම්වරයා වශයෙන්  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා පත්කර ඇත.

 එය  සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතය.  

මෙහි කාර්‍ය ලෙස සඳහන් වන්නේ සියලූම පොදු ප‍්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් ක‍්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීමය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාව වෙත හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප‍්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම තුළින් පොදු ප‍්‍රවාහන සේවා ඔස්සේ කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමත් මෙම බලකාය පත්කිරීමේ අරමුණු බව ද ඇමතිවරයා සදහන් කර ඇත.

බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රිය සාමාන්‍යාධිකාරි, ලංකා ගමනාමගන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද,  පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවල සභාපතිවරු ද මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු ද  බලකායට ඇතුළත් වේ.

මහජනතාවට ප‍්‍රවාහණ සේවාවන් සම්බන්ධයෙන් කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති (011 2187233), මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය (011-2187200) හා ලේකම්  (0714410568) යන දුරකතන අංක ඔස්සේත්,  011- 2865093  යන ෆැක්ස් අංකය මගිනුත් ඒ බව දැනුම් දිය හැකි බවත් අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබෙනවා නම් අන්තර් පළාත් ප්‍රවාහන සේවා සඳහත් සූදානම් 

මේ අතර අමාත්‍යවරයා අද (15) පවසා සිටියේ සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දෙන්නේනම් ලබන සඳුදා සිට අන්තර් පළාත් ප්‍රවාහන සේවය සඳහා අවසර ලබා දීමට සූදානම් බවයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මේ රටේ කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟම සියළු අංශ අක්‍රීය වුණා .ප්‍රවාහන අංශය ඉන් ප්‍රධානයි.ලංගමය හා දුම්රිය විශාල ලෙස අලාභ ලබමින්  තමයි කොරෝනා වසංගතයට මුහුණ දි සිටින්නේ.පෞද්ගලික ප්‍රවාහන සේවයත් මේ වන විට ගැටළු  රැසකට මුහුණ දි තිබෙනවා.ඔවුන් සඳහා සහන සලසන්න රජය මේ වන විටත් පියවර අරගෙන තිබෙනවා.කොහොම නමුත් ප්‍රවාහන ක්ෂේත්‍රය යතා තත්වයට පත් කිරීම සඳහා ජනතාවගේ වගකීම් සහගත හැසිරීම දැඩි ලෙස බලපානවා.ඉදිරියේදි ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට පමණයි බස් රථවලට හා දුම්රියට ඉඩ දෙනු ලබන්නේ.දුම්රිය දෙපාර්තමෙන්තුව සතුව තිබෙන්නේ මගී ආසන 26000 ක් පමණයි.ලක්ෂ එකහමාරක් පමණ දිනපතා මගීන් දුම්රියේ හිටගෙන ගමන් යනවා.ඉදිරියේදි ඒ ප්‍රමාණය දුම්රියට නැති වෙනවා.දුම්රිය දෙපාර්තමෙන්තුවට මෙය ඉතාමත් අලාභයි. නමුත් අපි ඊට මුහුණ දිය යුතුයි.විදුලි බල මණ්ඩලය ගත්තත් මේ වන විට ආදායම ඉතා දරුණු ලෙස පහළ වැටී තිබෙනවා. සේවක පඩි ගෙවන ප්‍රමාණයට පමණයි දැන් තිබෙන ආදායමෙන් පුළුවන් කම තිබෙන්නේ.මහාපරිමාණ  කාර්මාන්ත ශාලා හා  හෝටල් සංකීර්ණ වලින් ලැබෙන ආදායම පහළ බැස තිබෙනවා.නිවාස වලින් ලැබෙන ආදායමෙන් පමණක් විදුලි බල මණ්ඩලය නඩත්තු කරන්න පුළුවන් කමක් නෑ.ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු බිල්පත් උපරිම ලෙස ගෙවන්න කියා.

Post Views: 2
Previous Post

දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සංස්ථාව අතර දීර්ඝ කාලයක් පැවති ප්‍රශ්න ජනාධිපති මැදිහත්ව විසඳයි

Next Post

කොළඹ කොටස් වෙළඳ පොළ තෙවැනි දිනටත් ඉහළ යයි

editor

editor

Next Post

කොළඹ කොටස් වෙළඳ පොළ තෙවැනි දිනටත් ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved