• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර පළාත ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දස වසරක සැලැස්මක් – ජනපති

9 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.

මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මඩකලපුව කියන්නේ වාසනාවන්ත දිස්ත්‍රික්කයක්. වසර 150ක ඉතිහාසයක් තිබෙන පාසල් දෙකක්ම මෙම දිස්ත්‍රික්කයේ තිබෙනවා. ඊයේ මම ශාන්ත මයිකල් විද්‍යාලයේ එකසිය පනස් වන සංවත්සරයට සහභාගි වුණා. අද චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයට පැමිණ තිබෙනවා. දිවංගත අමාත්‍ය කේ .ඩබ්ලිව්. දේවනායගයන් මහතා අධ්‍යාපනය ලැබුවේ මෙම පාසලේයි. එතුමා සමඟ මම ජේ.ආර් ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ එකට වැඩ කළා. චෙන්කලඩි සහ කල්කුඩා ප්‍රදේශවල දරුවන්ට ඉතා උසස් ලෙස මෙම පාසලෙන් අධ්‍යාපනය ලබා ගැනිමට හැකි වුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්ව ඇති සිසුන් සංඛ්‍යාව දෙස බැලූ විට එය අවබෝධ කරගත හැකියි. ඒ වගේම ඇතැම් සිසුන් ගණකාධිකරණය ඇතුළු වෙනත් පාඨමාලාවන් හදාරනවා. ඒ වගේම මෙම සිසුන් තාක්ෂණ අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. නමුත් මෙම පාසලට තාක්ෂණාගාරයක් නැහැ. ඒ නිසා උසස් මට්ටමේ තාක්ෂණ විද්‍යාගාරයක් මෙම පාසලට ලබාදීමට මම කටයුතු කරනවා. මෙම පාසල තවත් දියුණු විය යුතුයි. මෙහි සිසුන් අධ්‍යාපනයට පමණක් නොව නර්තනයට හා රංගනයටත් දක්ෂයි. අද චෙන්කලඩි ප්‍රදේශය දියුණු වී තිබෙනවා. මෙම ප්‍රදේශ තවත් දියුණු කළ යුතුයි. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බිහිවු අමාත්‍යවරුන් වන දේවනායගන් මහතා මෙන්ම රාජදුරේ මහතාගේද ප්‍රාර්ථනය වුයේ එයයි. එම ප්‍රාර්ථනය අප ඉටු කරන බව කියන්න කැමතියි. මඩකලපු දිස්ත්‍රික්කය අධ්‍යාපනයෙන් දියුණු වී තිබෙනවා. නමුත් ආර්ථිකයෙන් තවමත් ශක්තිමත් වී නැහැ. ඉදිරි වසර 10 ක සැලැස්ම තුළ මඩකලපුව දිස්ත්‍රික්කය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජේ .ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මහවැලි ව්‍යාපාරය හරහා මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණා. නමුත් යුද්ධය නිසා එය සිදුකර ගැනීමට නොහැකි වුණා. මේ වන විට ඉන්දියාව සමග එක්ව ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය මහා නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. කටුනායක බියගම අක්කර 400ක ආයෝජන කලාපයක් තිබෙන්නේ. නමුත් ත්‍රිකුණාමලය අක්කර 1000ක ආයෝජන කලාපයක් බිහිකිරීමට සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය ක්‍රමානුකූලව දියුණු කිරීමට කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් සුබානා ජුරෝන් සිංගප්පූරු සමාගම සැලැස්මක් සකස් කර තිබෙනවා. එය ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. එවිට ත්‍රිකුණාමලය විශාල නගරයක් ලෙස සංවර්ධනය වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් කෘෂිකර්මාන්තය දියුණු කළයුතුයි. මහවැලි ව්‍යාපාරයන් මඟහැරුණු මහවැලි ඒ හා බී කොටස් දෙක සංවර්ධනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ නවීන කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පළාත දැන් සහලින් ස්වයංපෝෂිත වී තිබෙන අතරම නව වගාවන් හඳුන්වා දීමටත් කටයුතු කරනවා. ගව පට්ටි පාලනය සඳහා නව සතුන් ලබාදෙමින් දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ අඹේවෙල වැනි දේශීය සමාගම් මෙන්ම විදෙස් සමාගම්වල සහයෝගය ලබා ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් නිලාවේලි සිට පානම දක්වා සංචාරක කලාපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ‍වනාන්තර සහ වැව් ආශ්‍රිත ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ත්‍රිකුණාමල නගරය සංවර්ධනය, මහවැලි ඒ සහ බී කොටස් දෙක සංවර්ධනය කිරීම සහ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ඊළග වසර 10 තුළ කටයුතු කරනවා. මේ සමග මෙම පළාත්වල නව ආර්ථිකයක් ඇති වෙනවා. දැනට තිබෙන ප්‍රශ්නයක් වන කිරි ගොවීන්ගේ අයිතිය ආරක්ෂා කර දීමට ද අප කටයුතු කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දේවදාසන් කුහලාසන් යන මහත්වරු සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මිය යයි

Next Post

ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍යවරයා ආපදාවට පත් ප්‍රදේශ නිරීක්‍ෂණය කරයි

editor

editor

Next Post

ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍යවරයා ආපදාවට පත් ප්‍රදේශ නිරීක්‍ෂණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025

Recent News

අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

14 July 2025
අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved