27 April 2024
#දේශීය

බදින තුවක්කුවකට හසුවී දළ ඇතෙකු මිය යයි

බදින තුවක්කුවකට හසුවී තුවාල ලැබූ දළ ඇතෙකු මැදවච්චිය, ගලේගම වැව් තාවුලදී මිය ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

පසුගිය 10 වන දින මෙම දළ ඇතා ගලේගම වැව් තාවුලදී වැටී සිටිනු දුටු ගම්වාසීන් ඒ පිළිබඳ තුලාන බාර ග්‍රාමනිලධාරි දැනුවත් කර ඇත. ඒ අනුව ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානය සහ අනුරාධපුර වන ජීවි කාර්යාලය දැණුවත් කල අතර එම නිලධාරින් පැමිණ මෙම ඇතා පිළිබඳ මූලික පරික්ෂණ ආරම්භ කළේය.

එහිදී දළ ඇතාව පරික්ෂා කළ වන ජීවි නිලධාරින් ඇතාගේ වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වී එම පාදය දැඩි ලෙස බිදී ගොස් ඇති බව හදුනා ගත් අතර ඒ සඳහා මූලික ප්‍රථිකාර සිදු කිරීමට කටයුතු කළේය.

සති දෙකකට ආසන්න කාලයක් ප්‍රථිකාර ලබමින් එක්තැන්ව සිටි මෙම ඇතා නිසි පරිදි ආහාර නොලැබීමත් , තුවාලය පැතිරී ගොස් තිබීමත් හේතුවෙන් ශරීරය දුර්වල වී වැව් තාවුලේම මිය ගියේය.

වයස අවුරුදු 13 ට ආසන්න වයසැති මෙම දළ ඇතා උස අඩි 12 ආසන්න වේ. 2022 වර්ෂයේ ගත වූ මාස 06 තුල මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ සිදු වූ 05 වැනි වල් අලි මරණයද මෙය වේ.

 

 

මැදවච්චිය-ගයාන්

Leave a comment

Your email address will not be published. Required fields are marked *