• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලාව පෙර පාසල් ගොඩනැගිල්ලක ඉදි කිරීම් අතරතුරදී බිත්තියක් සහ වහලය කඩා වැටේ

18 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එප්පාවල, කටියාව යාය 09 ප්‍රදේශයේ තලාව ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් ගොඩනැගිල්ලක ඉදි කිරීම් කටයුතු සිදු වෙමින් තිබෙන අතරතුර ඊයේ (17) එම ගොඩනැගිල්ලේ බිත්තියක් හා වහළය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.

නිසි ප්‍රමිතියකින් අදාළ ගොඩනැගිල්ල ඉදි නොකිරීම ඊට හේතු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු තලාව ප්‍රාදේශීය සභාව මගින් සෘජු කම්කරු කුලී ගෙවීමේ පදනම මත සිදු කර ඇති බවටයි වාර්ථා වන්නේ.

පසුගිය දින කීපය පුරාම මේසන් බාස් වරුන්, ගෝලයින් ඇතුළු පිරිසක් අදාළ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටියද, ඊයේ (17) ඔවුන් නිවාඩු ගෙන තිබීම හේතුවෙන්, කිසිවකුට අනතුරක් සිදු නොවූ බවද ප්‍රදේශවාසීන් පවසති.

යම් හෙයකින් මෙම ගොඩනැගිල්ල මෙම අවිධිමත් තත්වයෙන් වැඩ නිමවා සිසු අයිතියට පත් කලේ නම්, අහිංසක මල් කැකුළු වන් දරුවන්ගේ හිස මතට මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඉඩ තිබූ බවද , එසේ වූවා නම් පෙර පාසල් භූමිය ලේ විලක් වන්නට ඉඩ තිබූ බවද ප්‍රදේශවාසීන් පවසති.

ගොඩනැගිලලේ ඉදි කිරීම් සිදු කිරීමේදී ඒවාට කොන්ක්‍රීට් කණු සහ කම්බි නිසි ප්‍රමිතියෙන් යොදා නැති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

අසල්වැසි නිවැසියකු මේ සම්බන්ධයෙන් කියා සිටියේ,

එස්.එම් මහත්තයා ඇවිත් තමයි මේකට මුල් ගල් තිබ්බේ.ඒ මුල් ගල් තියලත් මාසයක්, දෙකක් ගිහින් තමයි වැඩ පටන් ගත්තේ, දැන් දවස් 10 ක් විතර ඇති මේක ප්‍රාදේශිය සභාවෙන් වැඩපටන් අරන්, දවල් 02 ට විතර වගේ ලොකු සද්ධයක් ආවා, මම ගෙයින් එළියට ඇවිත් බැලුවා, බලන කොට මේ ගොඩනැගිල්ල කඩන් වැටිලා, ළමයි මේකේ හිටියා නම් මට ලේ විලක් තමයි දකින්න වෙන්නේ, වෙලාවට මෙහෙම වෙලාවක වුණේ, ලක්ෂ ගාණක පාඩුවක් ඉතින්, මේවා මහජනතාවගේ සල්ලිනේ, මේවායේ ප්‍රමිතිය හොයන්න බලන්න නිළධාරී ඉන්නවා, ඒ අය රාජකාරී කරලත් නෑනේ, එහෙම බැලුවා නම් මෙහෙම වෙන්නේ නෑ, නිළධාරීන් එනවා යනවා මොනවා කරනවාද අපි දන්නේ නෑ

මීට වසර කීපයකට පෙර මෙම ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමේ කටයුතු තලාව ප්‍රාදේශීය සභාව මගින් සෘජු කම්කරු කුලී ගෙවීමේ පදනමත, පැරණි පෙර පාසල් ගොඩනැගිල්ල මැදි කර ඉදි කිරීම් ආරම්භ කළ බවද, ඒ අතරතුර පෙර පාසලද එම පැරණි ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන ගිය බවද, අදාළ ගොඩනැගිල්ල ඉදි කිරීම අතරමඟ නතර වීමෙන් පසු මීට මාසයකට පමණ පෙර පෙර පාසල් ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු කිරීම සඳහා පෙර පාසල වෙනත් ස්ථානයක පවත්වාගෙන ගොස් ඇත.

එසේ ඉදි කිරීම් සිදු කරමින් පවතින අවස්ථාවකදීයි, මෙලෙස පෙර පාසල් ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ හිටපු උප සභාපති සරත් දිසානායක මහතා,

කටියාව පෙර පාසල ගම්වාසීන්ගේ ඉල්ලීම මත 2016 වර්ෂයේ යහපාලන ආණ්ඩුව සමයේ දුමින්ද දිසානායක අමාත්‍යයතුමන් රුපියල් ලක්ෂ 20 ක් වෙන් කරනු ලැබුවා, එවකට තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමිය හා තාක්ෂණ නිළධාරී විසින් සෘජු කම්කරුවන් යොදවා සභාව මගින් මෙහි ඉදි කිරීම් කටයුතු කරලා තියෙන්නේ, කොන්ත්‍රාත්තුවක් පිරිනමලා නෙමෙයි, සෘජු කම්කරුවන් යොදවා කරත් නිසි ප්‍රමිතියට මෙහි ඉදි කිරීම් කරලා නෑ, මේ තත්වය තුළ පෙර පාසලේ වැඩ නිම කරලා භාර දුන්නා නම් දරුවෝ විශාල පිරිසකට අනතුරක් සිදු වෙන්න තිබුණා.මේ දින වල ඉදි කිරීම් කරමින් සිටින බාස්ලත් වැඩ කරමින් සිටියා නම් ඔවුන් පවා අනතුරට ලක් වන්නට තිබුණා, වාසනාවකට ඉරිදා දවසක් වුණා.2016 වර්ෂයේ වෙන් කළ රුපියල් ලක්ෂ 20 න් සෘජු කම්කරු කුළි පදනම මත මෙම ගොඩනැගිල්ල ඉදි කරලා, කොන්ත්‍රාත්තුවක් විදිහට මෙහි මුදල් ලබා ගත්තාද කියලා සැකයක් අපිට තියෙනවා.

මේහි කිසිම වගකීමක් නෑ, මොකද එවකට හිටිය සභාපති හා තාක්ෂණ නිළධාරීන් එකතු වෙලා නේ මේවා කරලා තියෙන්නේ, ඒ නිසා ඒ අය මේවාගේ අඩුපාඩු පෙන්වා දෙන්නේ නෑ, කොන්ත්‍රාත්තුවක් පිරිනැමුවා නම් මේවාගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න නිළධාරින් ඉන්නවා.අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න.විශාල මුදලක් මේ ආකාරයෙන් විනාශ වෙලා තියෙනවා, මේකට වගකියන්න ඕන නිළධාරීන්,නිළධාරීන් කරන මේ වැරදි හොයන්න කවුරුත් නෑ, නිළධාරීන් මේවාට වගකියන්න ඕන.මං මේ ගැන හොයලා බැලුවා, මේ වහළය ගහලා තියෙන්නෙත් සභාවේ නිළධාරිනයකගේ සැමියෙක්, ඒ ගමේ වහළය හදන්න මිනිස්සු ඉද්දී අනුරාධපුරයේ කෙනෙක් කොහොමද මේවාකලේ, මේවායේ අත -යට ගණුදෙනු වෙලා තිබෙනවායැයි පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

එළැඹෙන ඔක්තෝබර් මාසයේ 17 දිනට කලින් ජනාධිපතිවරණයක් – අනුර දිසානායක

Next Post

ජනපති රනිල්ට සහයෝගය දුන්නොත් මේ රට දියුණු රාජ්‍යයක් වෙනවා – මන්ත්‍රී වජිර

editor

editor

Next Post

ජනපති රනිල්ට සහයෝගය දුන්නොත් මේ රට දියුණු රාජ්‍යයක් වෙනවා - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved