• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වන අලියකු සිදු කළ පහරදීමකින් තඹුත්තේගම කාන්තාවක් ජිවිතක්ෂයට

21 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තඹුත්තේගම පොලිස් වසමේ තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද (21) අලුයම වන අලියකු සිදු කළ පහරදීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (21) උදෑසන 5.20 ට පමණ උදෑසන ආහාර පිසිමින් සිට, ආහාරයන් රසවත් කිරීම සඳහා කරපිංචි අත්තක් කඩා ගෙන ඒම සඳහා තමන් පදිංචි නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට යමින් සිටි කාන්තාවක්,ඇගේ මවගේ නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත.වන අලියා පහරදීම සිදු කරන විට ඇය කෑ ගසා ඇති අතර, ඒ කෑ ගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය වන අලියාගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා බිම වැටී සිට ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තඹුත්තේගම, තිස්පනේපුර, රන්වන්තලාගම, පදිංචි සූරියපටබැඳිගේ ජෙනට් ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවකි.වන අලිප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව කඩිනමින් තඹුත්ත‌ේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව තඹුත්ත‌ේගම රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මිය ගිය කාන්තාවගේ දේහය මේ වන විට තඹුත්ත‌ේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තඹුත්තේගම, කොත්මල්පුර, තිස්පනේපුර, සමන්එළිය, රන්වන්තලාගම ආදී ගම්මාන කීපයකම ජීවත් වන්නේ කොත්මලේ ජලාශය ඉදි කිරීම වෙනුවෙන් තම නිජබිම් ලබා දී මීට වසර 40 කට පමණ පෙර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචියට පැමිණි ජනතාවයි.ඔවුන් බොහෝ දෙනෙකු ගොවිතැනින් දිවි සරි කරගන්නා අතර, ඔවුන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන්නේ වන අලි තර්ජනයයි.නිරන්තරයෙන් ගම්වදින වන අලින් මෙම ගම්මානයේ වගා බිම්, දේපළ නිරන්තරයෙන් විනාශ කර දමන බව ගම්වාසීන් පවසති.ඒ අයුරින් ගම් වැදුනු වන අලියකු මෙලෙස අද (21) අලුයම කාන්තාවකගේ ජීවිතයක්ද උදුරා ගනු ලැබුවේ මෙම ගම්මානයේ වන අලි පහරදීමෙන් සිදු කළ දෙවැනි මරණය බවට පත් කරමින්ය.

ඊ‌යේ (21) රාත්‍රිය පුරාම වන අලින් දෙදෙනකු ගම්මානය පුරා සැරි සැරූ බවත්, එම වන අලින් නිවාස අසල නිරන්තරයෙන් රැදී සිටින බවත් ගම්වාසීන් පවසති.ගම්මානය වටා අලි වැටක්ද ඉදි කර නැතැයි ඔවුන් පවසති.

2015 පසුව වසර 07 ක් 08 ක් තිස්සේ මෙම ගම්මානයට වන අලි තර්ජන තිබෙන බව ගම්වාසීන් පවසති.ගල්විහාරය ප්‍රදේශයේ රක්ෂිතයේ සිට වන අලි මෙලෙස පැමිණෙන බවත් ඔවුන් පවසති.තම වගාවන් රැක ගැනීම සඳහා පැල් රකිමින් මරණ භයෙන් ජීවත් වන බව ගම්වාසීන් පවසති.උදෑසන 5.30 ට පමණ මෙම කාන්තාවට වන අලි පහරදීම සිදු කළ බවත්, පාසල් දරුවන් පවා ඒ වේලාවට පාසල් යාමට එන බවත්, තම ජීවිත රැක ගැනීම සඳහා අලි මිනිස් ගැටුම පාලනයට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.දේශපාලන බළධාරීන් ඡන්ද කාළයට ජන්ද ගැනීමට පමණක් ගම්මානයට පැමිණෙන බවත්, කිසිදු අවස්ථාවක තම ගැටලු වලට විසදුම් ලබා දීමට ඔවුන් මැදිහත් නොවන බවත් ගම්වාසීන් පවසති. පුද්ගලයකුගේ ජීවිතය නැති වුණාට පසු ආධාරයක් ලබා දීමෙන් මෙම ගැටලුව නොවිසෙදෙන බවත්, මේ සඳහා ස්ථීරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

බළධාරීන් ක්‍රිකට් මැච් ගහනවා – අපි ටී.වී එකේ බල බල අපි අලි එක්ක මැච් ගහනවා.අලි එක්ක අපිට ජීවිතේ ගත කරන්න වෙලා තියෙන්නේ දේශපාලකයෝ කැලෑ ගානේ, වැව් ගානේ හෝටල් හදලා උන් රජ සැප විඳිනවා, මුංට හෙන හත වදින්න ඔ්න යැයි ආවේගශීලී වූ පුද්ගලයකු පැවසීය.අපිව ආයේ කොත්මලේට ගිහින් දාන්න , අපිට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ යැයි ගම්වාසීන් කාන්තාවන් පැවසීය.

වනජීවී කාර්යලයක් නිවස යාබදව පවතින බවත්, එම කාර්යාලයේ නිළධාරීන් දිවා- රෑ නොබලා පාටි දමමින් මත්පැන් පානය කරමින් ක්ලබ් එකක් ලෙස පවත්වාගෙන යනවා.අපිට වෙන කරන්න දෙයක් නෑ, ඒ අය අලි රකින්නෙවත්, ගම්රකින්නෙවත් නෑ, දැන් ගම්වල මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අලින්ට කරන්ට් එක දාන එක, එහෙම නැත්නම් කුරේටර් දෙන එක, එහෙම නැත්නම් සිමෙන්ති කුඩුයි , පොලිස්ර් කුඩුයි කළවන් කරලා අලින්ට දීලා මරන්න වෙලා තියෙනවා.ප්‍රභාකරන්ව රෝහණ විජේවීරව මරපු එකේ අලි කියන්නේ මහ දෙයක් නෙමෙයි.අපිට කරදර නම් අපි ඔවුන්ව මරන්න ඔ්න.මිනිස්සුන්ට කරදර කරපු නිසා රෝහණ විජේවීරයි, ප්‍රභාකරනුයි මැරුවා වගේම මිනිස්සුන්ට කරදර කරන නිසා අලිත් මරන්න ඔ්න යැයි තවත් ගම්වාසීයකු පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

මාතලේ ට්‍රාන්‍ස්‍ෆෝමර්වල තඹ කම්බ් කැපු තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ගම්මාන 101 ක් ඉදිකෙරේ – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

editor

editor

Next Post

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ගම්මාන 101 ක් ඉදිකෙරේ - ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved