27 April 2024
#දේශීය

මාතලේ ට්‍රාන්‍ස්‍ෆෝමර්වල තඹ කම්බ් කැපු තිදෙනෙකු අත්අඩංගුවට

මාතලේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ට්‍රාන්‍ස්‍ෆෝමර් 11ක පොළවට සම්බන්ධවන වයර්වල රුපියල් ලක්ෂ 8 කට වැඩි වටිනාකමින් යුත් තඹ කම්බ් කපා දැමු පුද්ගලයින් තිදෙනෙකු 19දා සැකපිට අත්ඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

සැකකරුවන් විසින් මාතලේ නිකකොටුව,මොරහෙළ .උකුවෙල සංස්කෘතික මධ්‍යස්ථානය අසළ,උකුවෙල සණස ගොවිපළ අසළ.කළලල්පිටිව පාලම අසළ,වත්තේගම මාරුකොන අසළ,එනසල්මඩ හන්දිය,ඕවිලිකන්ද දළු මඩුව අසළ,මකුලේමඩ 6 කණුව මාර්ගය ඇතුළු ස්ථාන රැසක සවිකර කර ඇති ට්‍රාන්ස්ෆෝමර්වලින් මෙසේ තඹ කම්බි කපා දමා ඇති බව පොලිස් පරික්ෂනවලදි අනාවරණය වි තිබේ.

සැකකරුවන් විසින් ඉතා සුක්ෂම ලෙස මෙම කම්බ් කපා අදාළ තඹ කම්බි ලබා ගෙන ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් අධික ලෙස මත්ද්‍රව්‍යවලටට ඇබ්බැහි වි ඇති පුද්ගලයින් බවත් මිට පෙරද විවිධ අපරාධ සදහ සම්බන්ධයෙන් පෙර වැරදි ඇති අයද බවද පොලිසිය කියයි.

සැකකරුවන් මාතලේ වරකාමුර,පඩිවිට,ඕවිලිකන්ද ප්‍රදේශවල පදිංචි අය බවද පොලිසිය කියයි.

සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි දේශප්‍රිය රෝහණ වනිගසේකර මහතාගේ මෙහෙයවිම මත මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන සහ මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප ඩබ්.ඒකනායක මහතාගේ මුලිකත්වයෙන් උ.පො.ප වි.පිකේ බණ්ඩාර,උ.පොප ගාමිණි,පො.සැ 6922 බණ්ඩාරනායක, 47396 ජයසිංහ,37281 දසනායක,35809 දිමුතු,57114 ජනක,35817 දයාරත්න ,35803 අසේළ ඇතුලු නිලධාරින් විසින් මෙම සැකකරුන් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුම සිදු කළහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *