ඉරානය විසින් ගල්ෆ් කලාපයට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳව අසත්‍ය තොරතුරු සහ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත උඩුගත කරමින් ජනතාව නොමඟ යැවූ පුද්ගලයින් 45 දෙනෙකු අබුඩාබි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ රටවලට අයත් මෙම සැකකරුවන්, ප්‍රහාර එල්ල වූ ස්ථාන සහ සිදුවීම් පිළිබඳ වැරදි දත්ත භාවිත කරමින් සමාජය තුළ අනියත බියක් සහ කටකතා පැතිරවීමට කටයුතු කර ඇති බවට බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.
අබුඩාබි පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.














