• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කරනවා – ජනපති

1 March 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කරනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රතු මුහුද ආශ්‍රිතව මේ වන විට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිමේ උත්සවයට එක්වෙමිනි.

ලෝක සාමය සහ කලාපයේ සාමය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිටම කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව සෘජු තීරණ ගන්නා බව ද ප්‍රකාශ කළේය. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ වගකීම සහ වගවීම ජනාධිපතිවරයා සිහිපත් කර සිටියේය.

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැණිනි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලියේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව කැඩෙට් නිලධාරී නිලධාරිණියන් 16 දෙනෙකු අංක 65 සහ 66 කැඩෙට් නිලධාරි පාඨමාලාවේ නිලධාරීන් 36 දෙනෙකු සහ අංක 17 හා 18 කැඩෙට් නිලධාරීනි පාඨමාලාවේ නිලධාරිනියන් 5 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපද 2023 කැඩෙට් නිලධාරියකු අධිකාරියට පත් කිරීම මෙහිදී සිදු විය.

පුහුණුවීමේදී දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරීන් 05දෙනෙක් හා එක් කැඩෙට් නිලධාරිනියකට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි .

මෙම විසිරයාමේ පෙළපාලියට අභිමානවත් බවක් එක් කරමින් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විචිත්‍රවත් සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර ලක්අඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් රාත්‍රි පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ගුවන් හමුදා ඉතිහාසයට එක් වේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කලේය “ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ කැඩෙට් පාඨමාලව සාර්ථකව අවසන් කර, විසිර යන නිලධාරින් 58 දෙනාගේ වැදගත්ම දිනය අදයි. ඔබ කිසිවිටෙක තමන් හැදු වැඩු දෙමාපියන් අමතක නොකළ යුතුයි. දෙමාපියන් සහ ගුරුවරුන් ඔබගේ ජීවිතය හැඩගැස්වීමට කැප වුණා. ඒ සියලු දෙනාට ඔබගේ ස්තූතිය පුද කළ යුතුයි. අද ඔබ ගුවන් හමුදාවේ නිලධාරියෙක් ලෙස වැදගත් කාර්යයක් භාර ගන්නවා. ඒ වගේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම භාරගනු ලබනවා. ඒ වගේම තමන් යටතේ සිටින අයට නායකත්වය ලබාදීමේ වගකිම භාරගන්නවා. ඔබ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා. එය කිසිවිටෙක අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකා ජනරයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව තහවුරු වන්නේ ඔබ එම යුතුකම ඉටුකළහොත් පමණයි. ඒ නිසා එය ප්‍රධාන කාර්යයක් ලෙස සැළකිය යුතුයි. ඒ වගේම ඔබ සමග වැඩ කරන ඔබ නායකත්වය ලබා දෙන අනෙක් සියලුදෙනාට ද ඔබ ගරු කළයුතුයි. ඒ වගේම ඔවුන්ට මඟ පෙන්විය යුතුයි. සෑම විටම ඉදිරියෙන් සිටින්න. තමන් යටතේ සිටින අය තමන්ට කිකරු වනු ඇතැයි අපේක්ෂා කරනවා නම් තමන් තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ටත් කීකරු විය යුතුයි. නියම විනයක් ඇති වන්නේ එවිටයි. ඒවගේම නිලධාරියකු ලෙස ඔබේ සෑම වගකීමක්ම ඉටු කළ යුතුයි. නායකත්වය ලබාදීමට පසු බට වෙන්න එපා. ගැටලුවක් මතු වූ විට ඉන් ඉවත් වෙන්න එපා. ජනරජය වෙනුවෙන් තමන්ට වගකීමක් තිබෙනවා නම් එම වගකීම සෑමවිටම නොබියව ඉෂ්ට කිරීම ඔබේ යුතුකමයි. රට අභ්‍යන්තර සහ විදේශ සතුරු බලවේගවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. අද අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩා වැටුණු තත්ත්වයකින් ඉදිරියට එමින් තිබෙනවා. අපට නැවත එම යුගයට යා නොහැකියි. ඒ නිසා මෙතැන් සිට අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා රටේ විශාල නවීකරණයක් සිදු කළයුතුයි. සීග්‍රයෙන් දියණුවන ආර්ථික පරිවර්තනයකට යා යුතුයි. නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. මේ වගකීම ඉටු කිරීමේ දී එහි වාසිය ලැබෙන්නේ ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් බව ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා සෑම අවස්ථාවකම රටේ නීතිය ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව අනුව රටේ ස්ථාවරභාවය ආරක්ෂ කිරීමට ඔබ කැපවිය යුතුයි. ඒ අනුව තමයි රට දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපේ රට සතුරු උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම පමණක් නොවෙයි අද පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අනුව කලාපයේ ආරක්ෂාව ද තහවුරු කිරීමට කටයුතු කළයුතුයි. කලාපයේ සාමයට සහ ස්ථාවරත්වයට හානියක් වෙනවා නම්, එය අපේ රටට සිදුවන අනතුරක් බව කිවයුතුයි. අපිට රටක් ලෙස තනිව ජීවත් වෙන්න බැහැ. සෑම රටක් සමඟම අත්වැල් බැදගෙන ඉදිරියට යා යුතුයි. යුද්ධයක් කර පළපුරුද්දක් ලැබූ ලංකාව වැනි රටක් එහිදී පැත්තකට වී සිටියොත් එය අපේ යුතුකම් පැහැර හැරීමක් වෙනවා. කලාපයේ ස්ථාවරභාවයත්, ආරක්ෂාවත් වැදගත් වෙනවා. ඒ වගේම ලෝක සාමයත් අපට වැදගත් වෙනවා. ඒ නිසා එම කටයුතුවලට අපේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය අවශ්‍ය වෙනවා නම් රටක් ලෙස අප ඊට මැදිහත්විය යුතුයි. අපේ ආරක්ෂක හමුදාව එදා මාලි රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමට දායක වුණා. ඒ වැඩකටයුත්ත අනෙක් අය අගය කළා. අද රතු මුහුදේ සිදුවන සිදුවීම්වලින් අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් එය ආරක්ෂා කර ගැනීමටත් අප කැපවී සිටිනවා. ඒ නිසා කලාපයේ සාමයට සහ ලෝක සාමයට ප්‍රශ්නයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවන්වල එක්සත් ජාතින්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබාදීමට අප කටයුතු කරනවා. ඒ නිසා ලෝක සාමය සහ ස්ථාවරභාවයත් අපේ රටේ සාමයත්, ස්ථාවරභාවයත් ආරක්ෂා කරගත යුතුයි. ත්‍රිවිධ හමුදාව ඊළග දශකය තුළ විශාල පරිවර්තනයකට ලක් වෙනවා. අද ලෝකය සිටින්නේ තාක්ෂණ යුගයකයි.අද හමුදා ක්‍රියාත්මක වන්නේ තාක්ෂණය පදනම් කරගෙනයි. අපිත් එම තත්ත්වයට ක්‍රමානුකූලව පැමිණිය යුතුයි. ඔබට එම වගකීම තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ ඔබ ශක්තිමත් හමුදාවක් ලෙස ඉදිරියට යා යුතු බව මම ප්‍රකාශ කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති කොමදෝරු තුෂාර වීරරත්න යන මහත්වරු ඇතුළු හමුදා ප්‍රධානීහු සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 11,453
Previous Post

රටේ ප්‍රශ්ණ ඇති වීමට ප්‍රධාන හේතුව දේශපාලනඥයින් තනිමතයට වැඩ කිරීමයි – මන්ත්‍රී රවුෆ් හකීම්

Next Post

“අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
“අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා – ජනපති

“අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved